Thursday, May 9, 2024

General line - 0115112241

ලෙබනන් පිපිරීමෙන් මසකට පසුව සුන්බුන් අතර සිරවූ අයෙකු ගැන සහන කණ්ඩායම් වලට ලැබූ හෝඩුවාව (VIDEO / PHOTOS)




ඉකුත් අගෝස්තු මස 04 වෙනිදා ලෙබනනයේ, බේරූට් අගනුවර පිහිටි ඇමෝනියම් නයිට්ට්‍රේට් ගබඩාවේ සිදුවූ පිපිරිමෙන් කඩා වැටුණු ගොඩනැගිලි වල සුන්බුන් වලට යටවී සිටින පුද්ගලයෙකුගේ බවට සැක කෙරෙන හෘද ස්පන්දන යැයි සිතන සංඥාවන් ග්‍රහණය කර ගැනීමට චිලී රාජයේ සහන සේවකයින් පිරිසක් සමත්ව තිබෙනවා.

චිලි සහන සේවකයින් විසින් ඊයේ දහවල් කාලයේ සිට මෙහෙයුම් දියත් කරනු ලැබුවේ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදා ගන්නා සුනඛයින් ගේ ද සහය සහිතව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සහන සේවකයින් උදළු සහ දෑත් යොදා ගනිමින් කඩා වැටුණු ගොඩනැගිලි වල සුන්බුන් ඉවත් කිරිම සිදුකරමින් සිටියි.

චිලී සහන සේවා කණ්ඩායම් සතුව ඇති ශබ්ද තරංග ග්‍රහණය කිරිමේ උපකරණයක පළමුව මෙම හෘද ස්පන්දන සංඥාව හසුකර ගැනීමට සමත්ව ඇත.

ඊයේ දිනයේදී එය මිනිත්තුවකට වාර 17-19 අතර වේගයෙන් හෘද ස්පන්දන සංඥාවන් ග්‍රහණය කර ගැනීමට හැකිවූ බවත් මේ වන විට එය ක්‍රමයෙන් මිනිත්තුවකට වාර 5-7 ත් අතර අගයක් දක්වා පහත වැටී ඇති බව චිලී සහන සේවා නිලධාරින් සඳහන් කර සිටිනවා.

මෙම මෙහෙයුම දියත් කරන ස්ථානය ආසන්නයේ ඊයේ දිනයේ සිට ලෙබනන් වැසියන් එරට හමුදාවන්ට එරෙහිව විරෝධතාවයන් දියත් කිරිම නිසා සිය ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරිමට බාධා එල්ලවී තිබෙනවා.

ඉකුත් අගෝස්තු මාසයේදී ඇතිවූ මෙම පිපිරිමෙන් පුද්ගලයින් 191 දෙනෙකු ජිවිතක්ෂයට පත්වු අතර 6,000 කට අධික පිරිසක් තුවාල ලැබුවා.