Monday, May 13, 2024

General line - 0115112241

විදේශිය වෙළඳපොල ඉලක්ක කර දේශීය ඖෂධ නිෂ්පාදනය කිරීම ඇරඹේ




විදේශ වෙළඳපොල ඉලක්ක කරගනිමින් දේශීය ඖෂධ නිෂ්පාදනය කිරීමේ නව වැඩපිළිවෙලක් අරඹන බව දේශීය වෙදකම් ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප‍්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා. එම අමාත්‍යාංශයේ නව සැලසුම් සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

දේශීය ඖෂධ පිළිබඳ දැනුවත් කිරීම සහ ඖෂධීය වටිනාකමකින් යුත් ආහාරපාන වර්ග ප‍්‍රචලිත කිරීම ද සිය අමාත්‍යාංශයේ තවත් අරමුණක් වන බවයි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි වැඩිදුරටත් සඳහන් කළේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයින් පුනරුත්ථාපනය කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ද අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.