Saturday, April 27, 2024

General line - 0115112241

ඩයමන්ඞ් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමේ මෙහෙයුමට තවත් ඉන්දීය නෞකා 02 ක් එක්වෙයි




එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවේ හටගෙන ඇති ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීම සඳහා ශී‍්‍ර ලංකා නාවික හමුදාව, ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව, ඉන්දීය නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය එක්ව තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මක කරනවා. ගොඩබිමේ සිට නාවික සැතපුම් 40 ක් දුරින් අදාළ නෞකාව රඳවා ගනිමින් ගිනි නිවීමේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ. 

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව අද දිනය පුරා මෙහෙයුම් සිදු කරන සමුද්‍ර කලාපයේ නිරීක්ෂණ කටයුතු සහ ගින්න නිවා දැමීමට ගුවනේ සිට නැව මතට ජලය මුදා හැරීම සිදු කළා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ.

මේ අතර, එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවේ හටගත් ගින්න මැඩලීම සඳහා තම ජීවිත අවධානමට ලක් කරමින් ක‍්‍රියාන්විතයේ යෙදී සිටින ශ‍්‍රී ලංකා නාවික හමුදාව, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඉන්දීය ආරක්ෂක අංශ සිදු කරන මෙහෙය අගය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින්. 

සමුද්‍රීය ජෛව සම්පත ආරක්ෂා කරගැනීමෙහිලා ඔවුන් සිදු කරන මෙහෙවර සම්බන්ධයෙන් තම හදපිරි ස්තුතිය පිරිනමන බව ද ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.