Monday, May 13, 2024

General line - 0115112241

හෙට සිට බිත්තර මිල රුපියල් 02 කින් පහළට




හෙට සිට බිත්තර මිල රුපියල් 2 කින් පහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. 

ඒ, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන් සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර තංගල්ල කාල්ටන් නිවසේදී පැවති හමුවකදී අග‍්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුවයි. 

ඒ අනුව හෙට සිට සුදු බිත්තරයක් රුපියල් 18 කට හා රතු බිත්තරයක් රුපියල් 18 යි ශත 50 ක මිලකට ලබාදීමටයි බිත්තර නිෂ්පාදකයන්ගෙන් එක`ගතාව පළ කර ඇත්තේ.