Sunday, May 12, 2024

General line - 0115112241

නීතිවිරෝධී ලෙස ගෙන ආ කහ කිලෝ 815 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට




නීති විරෝධී ලෙස කහ කිලෝ 815 ක් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙකු කල්පිටිය ඒත්තාලෙ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24 ත් 31 ත් අතර වයස් කාණ්ඩවල පසුවන ඒත්තාලෙ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්. 

සැකකරුවන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කල්පිටිය පොලීසිය වෙත  භාරදීමට පියවර ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.