Monday, May 13, 2024

General line - 0115112241

පැය 24ක් තුළ බස්නාහිරින් 637ක් අත්අඩංගුවට




බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 637 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (06) උදෑසන 06.00 සිට අද (07) අලූයම 05.00 දක්වා ගතවූ පැය 24 තුළ මෙම වැටලීම් සිදුකළ බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 283 දෙනෙකු, ගංජා සන්තකව සිටි සැකකරුවන් 124 දෙනෙකු, නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් 191 දෙනෙකු සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 09 දෙනෙකු ද වන බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.