Friday, May 17, 2024

General line - 0115112241

නෞකාවේ යළිත් ඇති වූ ගින්න නිවන්න තවදුරටත් මෙහෙයුම්




නැගෙනහිර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඞ් නෞකාව තුළ ඊයේ (07) පස්වරුවේ යළි හටගත් ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව කි‍්‍රයාත්මක බව නාවික හමුදාව පවසනවා.

එම මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ, ඉන්දීය නාවික හමුදාවේ හා ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත‍්‍රාවල ද සහය හිමිව ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ. 

ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා ගුවන් හමුදාවේ දායකත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානා හරහා අද දින ද ගුවනින් ජලය සහ රසායනික ද්‍රව්‍ය ඉසීමට කටයුතු කරමින් ඇති බවයි. 

මේ අතර MT නිව් ඩයමන්ඞ් නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් සාගර පද්ධතියට හානි සිදුවී ඇතිද යන්න සොයා බැලීම සඳහා නීතිපතිවරයාගේ  උපදෙස් අනුව ඉකුත් දා පත් කෙරුණු කමිටුවේ සාමාජිකයින් අද පෙරවරු 06.00 ට පමණ නෞකාව ආසන්නයට ළගාවී තිබෙනවා.