Sunday, May 19, 2024

General line - 0115112241

ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොරෝනා එන්නතේ පරීක්ෂණ අතරමග නතර කරයි : පරීක්ෂණ එන්නතක් දුන් පුද්ගලයෙකු රෝගී වෙයි




නව කොරෝනා වෛරසය සඳහා එන්නත සොයා ගැනීම සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ AstraZeneca ආයතනය විසින් සිදුකළ පරීක්ෂණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ සායනික පරික්ෂාව සඳහා සහභාගිවූ බ්‍රිතාන්‍යය පුද්ගලයෙකුට එම එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ සංකුලතාවයන් හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ AstraZeneca ආයතනය එක්ව පරීක්ෂණ සිදුකෙරෙන මෙම එන්නත, කොරෝනා වෛරසයට එන්නතක් සොයා ගැනීම සඳහා ගෝලීය වශයෙන් පවතින තරගකාරිත්වයේ ඉහල ස්ථානයක පසුවනවා.

මේ වන විට මෙම එන්නතේ තුන්වන සායනික පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇති අතර ඒ සඳහා පුද්ගලයින් 30,000ක් එක්ව තිබෙනවා. අමෙරිකාව, බ්‍රිතාන්‍ය, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාවේ ජනතාව මෙම සායනික පරීක්ෂණය සඳහා එක්ව තිබෙනවා.