Sunday, May 19, 2024

General line - 0115112241

තමන් ජාතික ආරක්ෂාවට මුල්තැන නොදුන් බව හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානියා පිළිගනී




තමන් ජාතික බුද්ධි ප‍්‍රධානියා ලෙස කටයුතු කළ පසුගිය යහපාලන ආණ්ඩු කාලය තුළ ජාතික ආරක්ෂාවට ප‍්‍රමුඛත්වය ලබා නොදි, සංහිඳියාවට ප‍්‍රමුඛත්වය ලබාදීම වරදක් බව හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස් පිළිගත්තා.

ඒ පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඔහු ඊයේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි. පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වනවිට මෙරට ජාතික බුද්ධි සේවයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් සාක්ෂි විමසීම සඳහා ජනාධිපති කොමිසම හමුවට ඊයේ මෙලෙස කැඳවා තිබුණේ පළමු වරටයි. 

මේ අතර නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා 03 වන දිනටත් පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ මේවනවිටත් සාක්ෂි ලබාදෙමින් සිටිනවා.