Sunday, May 19, 2024

General line - 0115112241

කහ සමග වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කරන්නන්ට එරෙහිව නීතිය තදින්




කහවලට වෙනත් ද්‍රව්‍ය මිශ‍්‍ර කර අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව පාරිභෝග සේවා අධිකාරිය පවසනවා. 

එවැනි ක‍්‍රියා වැළැක්වීම සදහා කහ සාම්පල පරීක්ෂාවන් ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි එහි සභාපති අසේල බණ්ඩාර පැවසුවේ. අද උදෑසන ප‍්‍රචාරය වූ නෙත් එම් එෆ් බැලූ‍ම්ගල අන්තිම සටන වැඩසටහන එක්වෙමන් ඔහු මේ බව සදහන් කළා.

පාරිභෝගිකයින් කහ මිලදී ගැනීමෙදී වෙනදාට වඩා එහි ප‍්‍රමිතිය පිළිබද වැඩි අවධානයකින් පසුවිය යුතු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

අද උදෑසන ප‍්‍රචාරය වූ නෙත් එම් එෆ් බැලූ‍ම්ගල අන්තිම සටන වැඩසටහන බැලූම්ගල යූ ටියුබ් චැනලය ඔස්සේ නැරඹිය හැකියි.