Sunday, May 19, 2024

General line - 0115112241

කුඩා සුනඛ පැටවාට පහරදුන් සැකකරු පොලිස් අත්අඩංගුවට (VIDEO)




කලවාන පොලිස් වසමේ දී සුනඛයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව පහර කෑ සුනඛයා වේදනාවෙන් කෑගසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය විය.

එම සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිස් ස්ථානය මගින් නිසි විමර්ශනයක් සිදු කර නොමැති බවට චෝදනා එල්ල වූ අතර ඒ හේතුවෙන් ඊට අදාළ විමර්ශන නිසි ලෙස සිදුකරන ලෙස පොලිස් නීති කොට්ඨාශය විසින් උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව කලවාන පොලිසිය විසින් මෙම කුඩා සුනඛයාට පහරදුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන අද දිනයේදී කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.