Friday, September 20, 2024

General line - 0115112241

අම්මයි දරු දෙන්නයි දුම්රියට බිලිකර ‘ විනාශවූ යතුරු පැදිය’ තවත් දුම්රියක් එන විට පාර මැද තිබී ආපහු හැපිලා!



ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග අතරින් දිනකට වැඩිම වාර ගණනක්‌ දුම්රියන් ධාවනය වන්නේ මහව – පොල්ගහවෙල අතර තනි මාර්ගයේයි.

මෙයිනුත් වැඩිම කිලෝ මීටර් ගණනක්‌ වැල්ලව පොලිස්‌ වසම හරහා ධාවනය වන නිසා දුම්රියෙන් සිදුවන අනතුරු හා මරණ සෑහෙන ප්‍රමාණයක්‌ සටහන් වනුයේ වැල්ලව පොලිස්‌ සීමාව තුළයි.
පසුගිය දා මවත් දරු දෙදෙනාත් යතුරුපැදියේ යමින් සිටියදී දුම්රියට හසුවූයේ මෙම පොලිස් වසමට අයත් වේරගල උප දුම්රිය ස්‌ථානයට නුදුරු ඇඳගල හරස්‌ මාර්ගය අසලයි.

එදා ගේට්‌ටුකරුවන් වෘත්තීය අරගලයකට ගොස්‌ තිබූ නිසා ගේට්‌ටුව වැසීමට කවුරුත් නොසිටි අතර මවත් දරු දෙදෙනාත් එම ස්ථානයේ දී දුම්රියට බිළි වුණා.

දුම්රිය නියාමකවරු විසින් දරු දෙදෙනාගේ සහ මවගේ නිසල සිරුරු ගනේවත්ත දුම්රිය ස්‌ථානාධිපතිතුමාට භාර දී ගමනාන්තයට යාමෙන් පසුව දුම්රියට හසුවූ යතුරු පැදිය යළිත් තවත් දුම්රියකට එතනදීම හසුවී ඇති පුවතක් මේ වන විට වාර්තා වනවා.

කුපිත වූ ප්‍රදේශවාසීහු හානියට පත් ව තිබූ දීපානිගේ යතුරුපැදිය නැවත දුම්රිය මාර්ගයේ තබා වෙනත් දුම්රියකට යට කර ඇති බවයි එම ආරංචි මගින් කියවුණේ.

කෙසේ වෙතත් එමගින් දුම්රිය එන්ජිමක්‌ අකර්මණ්‍ය වී ඇති බවත් දුම්රිය පැය ගණනක්‌ ප්‍රමාද වී මගීහු ද අපහසුවට පත්ව ඇති බවත් ඊයේ(5)දුම්රියට හසුවූ මවගේ සහ දරුවන්ගේ අවමගුල් නිවසේ දී ඇතැමුන් ගේ කතාබහින් හෙළි වුණා.