Sunday, May 19, 2024

General line - 0115112241

සුෂාන්ත්ගේ මරණය ගැන දීපිකා ගෙන් ප්‍රකාශ ගනියි




බොලිවුඞ් සුපිරි නිළි දිපිකා පදුකෝන්ගෙන් ඉන්දීය මත්ද්‍රව්‍ය මණ්ඩලය ප‍්‍රශ්න කර තිබෙනවා. ඒ, ඉකුත්දා සිය දිවි හානි කර ගත් රංගන ශිල්පී සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන්.

දීපිකා පදුකෝන්ට අමතරව බොලිවුඞ් රංගන ශිල්පිනියන් වන සාරා අලි ඛාන් සහ ශද්‍රා කපූර් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකුගෙන් ඉන්දීය මත්ද්‍රව්‍ය මණ්ඩලය ප‍්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. සිය දිවි හානිකර ගත් රංගන ශිල්පී සුශාන්ත් සිං රාජ්පුත්ගේ පෙම්වතිය වූ රියා චක‍්‍රබෝර්ති මත්ද්‍රව්‍ය චෝදනා යටතේ මීට පෙර එරට ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.