Friday, May 3, 2024

General line - 0115112241

ගොඩනැගිලි ඉදිකිරීමේදී නව ක්‍රමවේදයක්




අවධානම් සහිත ගොඩනැගිලි හඳුනාගැනීමටත්, අලූතින් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදීමේදීත්, නව ක‍්‍රමවේදයක් අනුගමනය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

එහි පළමු අදියර ලෙස එවැනි ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයාබලන පළාත් පාලන ආයතනවල නිලධාරීන්ට, භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය විසින් විශේෂ පුහුණුවක් ලබදෙනු ඇති.

මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ලක් කඩාවැටීම මීට ආසන්නතම හේතුවයි. අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ කඩා වැටුණු බොහෝ ගොඩනැගිලි පළාත් පාලන ආයතනයේ අනුමැතිය හිමිවූ ගොඩනැගිලි බවට හඳුනාගෙන ඇති බවයි. 

මහනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයේදී බිළිඳියක, ඇතුළු තිදෙනෙකුට මරු කැඳවමින් ඉකුත් දා කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල ද නිසික‍්‍රමවේදයකට ඉදිකර නොමැති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණේ. එම ගොඩනැගිල්ලේ පාදම ඉදිකර තිබුණේ මහල් 05 ක බර දරාගත නොහැකි පරිදි බව ද එහිදී හෙළිවී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණයේ වාර්තාව  අද (30) දිනයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත භාරදීමට ද නියමිතයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.