Sunday, May 19, 2024

General line - 0115112241

වෛද්‍ය සමන් වීරසිංහ අග‍්‍රාමාත්‍ය උපදේශක තනතුරට පත් කෙරේ




වෛද්‍ය සමන් වීරසිංහ අග‍්‍රාමාත්‍ය උපදේශක තනතුරට පත්කර තිබෙනවා. ඔහු ඊට අදාළ පත්වීම් ලිපිය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේදී ලබාගත් බවයි අග‍්‍රාමාත්‍ය කාර්යයාලය සදහන් කළේ. වෛද්‍ය සමන් වීරසිංහ රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපතිවරයෙකු මෙන්ම කැලණිය රාජමහා විහාරයේ දායක සභාවේ සභාපතිවරයා ද වනවා.

වෛද්‍ය සමන් වීරසිංහ, 2010-2015 කාල වකවානුවේ එවකට ජනාධිපති ධූරය හෙබවූ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති උපදේශක තනතුර ද හොබවනු ලැබුවා. 2015 සැප්තැම්බර් සිට 2018 මාර්තු දක්වා රුසියාවේ ශී‍්‍ර ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය සමන් වීරසිංහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිර්දේශය මත, විදේශිකයෙකු වෙනුවෙන් පිරිනමන ගෞරව සම්මානයකින් ද පිදුම් ලබා තිබෙනවා.