Sunday, May 19, 2024

General line - 0115112241

රුසියානු ජනපතිට විපක්ෂ කි‍්‍රයාකාරියෙකුගෙන් චෝදනා




තමන්ට විස ශරීරගත වීමේ සිද්ධිය පිටුපස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිටින බවට රුසියාවේ විපක්ෂ දේශපාලනයේ ප‍්‍රබලයෙකු සහ දුෂණ විරෝධී ක‍්‍රියාකාරියෙකු වන ඇලෙක්සි නවාල්නි චෝදනා කරනවා. විෂ ශරීරගතවීමෙන් පසු ප‍්‍රතිකාර සඳහා ජර්මනිය වෙත ගොස් සිටින ඇලෙක්සි නවාල්නි මෙම අදහස් පළ කර තිබුණේ ජර්මානු සඟරාවක් වෙත අදහස් පළ කරමින්. 

තමන් නැවත මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා රුසියාවට යාමට අපේක්ෂා කරන බවත් තමන්ව බිය ගැන්වීමට කිසිවෙකුට හෝ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත්, ඇලෙක්සි නවාල්නිගේ එම චෝදනාව රුසියානු රජය ප‍්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියාවේ විපක්ෂ දේශපාලනයේ ප‍්‍රබලයෙකු සහ දුෂණ විරෝධී ක‍්‍රියාකාරිකයෙකු වන ඇලෙක්සි නවාල්නි විෂ ශරීරගත වීමක් හේතුවෙන් කෝමා තත්ත්වයකට පත්ව රෝහල්ගත කෙරුණේ පසුගිය අගෝස්තු 19 වනදායි. රුසියාවේ ටොම්ස්ක් නගරයේ සිට මොස්කව් නුවර බලා ගුවන් යානයකින් එමින් සිටියදී ඔහු හදිසියේ රෝගාතුර වී තිබූ අතර එදින පෙරවරුවේ ඇලෙක්සි නවාල්නි පානය කළ තේ කෝප්පයකට කිසිවෙකු විසින් වස මිශ‍්‍ර කර ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

44 හැවිරිදි ඇලෙක්සි නවාල්නි, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප‍්‍රතිවාදියෙකු ලෙස සැලකෙන අතර දුෂණ - වංචාවලට එරෙහිව ඇලෙක්සි නවාල්නි ගත් කි‍්‍රයාමාර්ග ලොව පුරා අවධානයට ද ලක්ව තිබෙනවා.