Friday, May 10, 2024

General line - 0115112241

විස්සට එරෙහිව ඒකාබද්ධ විරෝධතා වැඩපිළිවෙලකට සමගි ජන බලවේගයෙන් සැලසුම්




20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ලබන මස 08 වනදා කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතා රැුළියට විපක්ෂයේ සියළු පාර්ශව එක්කර ගැනීමට සමගි ජනබලවේගය කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව මෙතෙක් තමන් සමග එක් නොවූ පක්ෂ සහ විපක්ෂ කි‍්‍රයාකාරීන් එක්කර ගනිමින් ඒකාබද්ධ විරෝධතා වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමටයි එම පක්ෂය සැලසුම් කර ඇත්තේ. ලබන 05 වනදා රට පුරා කළු කොඩි ඔසවා 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විරෝධතා වැඩසටහනක් කි‍්‍රයාත්මක 

කිරීමට ද එම පක්ෂය සැලසුම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා. මේ, ඒ පිළිබඳ තොරතුරු ද ඇතුළුව ගෙවීගිය සතියේ දේශපාලන කරළියේ මෙන්ම සෙසු ක්ෂේත‍්‍රයන්හි සැගවුණු කතා ගෙන එන කණින් කොනින් විශේෂාංගය.

මේ අතර, රටම සිනහ සයුරේ ගිල්ලපු ප‍්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ අභාවය පසුගිය දිනවල අසන්නට ලැබුණු කණගාටුදායක පුවතක්. මේ පුවත පසුගිය සඳුදා උදෑසන වනවිට මේ පුවත වාර්තා වුණා. කෙසේ වෙතත්, එදිනම ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ටෙනිසන් නැමැති තවත් පුද්ගලයෙකු මිය යාම හේතුවෙන් ඇතැමුන්ට මේ මරණ දෙක සම්බන්ධ තොරතුරු පැටලූණු බවටත් අසන්නට ලැබුණා.