Thursday, May 16, 2024

General line - 0115112241

බස්නාහිර ගංඟා දුෂණය වන ප‍්‍රධාන හේතුවක් හෙළි වෙයි




කැළණි ගඟේ ජලය දුෂණය වීමට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ මළ අපද්‍රව්‍ය ගංඟා ජලයට මුසුවීම බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ, කර්මාන්තශාලාවලින් බැහැර කෙරෙන අපද්‍රව්‍යවලටත් වඩා කැළණි ගඟේ ජලය දුෂණය වීමට හේතු වී ඇත්තේ මළ අපද්‍රව්‍ය බවයි. 

මළ අපද්‍රව්‍ය කැළණි ගඟට එක්වීම වැළැක්වීම සඳහා ක‍්‍රමවත් වැඩසටහනක් කි‍්‍රයාත්මක කළ යුතු බව ද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්තශාලා 4,000 ක් පමණ කැළණි ගඟ දෙපස පවතින බව ඉකුත්දා අනාවරණ වුණා. එවැනි කර්මාන්තශාලා හඳුනා ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.