Tuesday, May 14, 2024

General line - 0115112241

බන්ධනාගාරගත රැඳවියන් බැලීමට අමුත්තන් පැමිණීම තාවකාලිකව අත්හිටුවයි




දිවයිනේ සියළු බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් බැලීමට අමුත්තන් පැමිණීම යලි දැනුම්දෙන තුරු අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රට තුළ යළි හිස ඔසවා ඇති කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙම තීරණයට එලඹි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

දිවුලපිටිය ප‍්‍රදේශයෙන් ඊයේ කොරෝනා ආසාදිත කාන්තාව හමුවීමත් සමග මීගමුව සහ මහර බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් බැලීමට අමුත්තන් පැමිණීම ද තාවකාලිකව අත්හිටවනු ලැබුවා.