Monday, May 13, 2024

General line - 0115112241

කොරෝනා ගැටළු සඳහා පැය 24 ම කි‍්‍රයාත්මක දුරකථන අංකයක්




නව්‍ය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැන නගින  ඕනෑම ගැටළුවක් විසඳා ගැනීම සඳහා මහජනතාව වෙනුවෙන් පැය 24 ම කි‍්‍රයාත්මක දුරකථන අංකයක් හඳුන්වාදීමට සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 1999 යන සුවසැරිය ක්ෂණික දුරකථන අංකය අමතා නව්‍ය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැන නගින  ඕනෑම ගැටළුවක් විසඳා ගත හැකි බවයි එම කාර්යංශය සඳහන් කළේ. සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි යන භාෂා 03 න්ම අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් සේවයේ යොදවා ඇති බව ද සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළා.