Monday, May 13, 2024

General line - 0115112241

මිනුවන්ගොඩ කම්හලේ 1280ක ගේ PCR පරීක්ෂණ සිදුකෙරේ

ටෝනි කරුණානායක




මිනුවන්ගොඩ, යකහටුව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික කර්මාන්ත ශාලවක සේවක සේවිකාවන් පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදිතයින් බවට හදුනා ගැනිමෙන් අනතුරුව එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 1280 දෙනෙකුගේ ජෛව සාම්පල් ලබා ගත් බව මිනුවන්ගොඩ සෞඛ්‍ය අධිකාරී කාර්යාලය සඳහන් කර සිටිනවා.

මෙලෙස ජෛව සාම්පල් ලබා ගත් නියැදි 840ක් IDH රෝහලටද, 330 ක් බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයට ද, තවත් නියැදි 110ක් මහරගම අපේක්ෂා රෝහලට යැවීමට කටයුතු යොදා ඇති බවයි මිනුවන්ගොඩ සෞඛ්‍ය අධිකාරී කාර්යාලය සඳහන් කළේ.