Monday, May 13, 2024

General line - 0115112241

තොරතුරු කියා එක ඇමතුමක් හෝ දුන්නා නම් පාස්කු ප‍්‍රහාරය වළක්වන බව හිටපු ජනපති මෛති‍්‍ර කොමිසමේදී කියයි




පාස්කු ප‍්‍රහාරයේ පූර්ව තොරතුර සම්බන්ධයෙන් තමන්ව ඊට පෙර එක ඇමතුමකින් හෝ දැනුම්වත් කළේ නම් ප‍්‍රහාරය අනිවාර්යයෙන් වළක්වාගන්නා බව හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද පාස්කු ප‍්‍රහාරය පිළිබ\ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළා. ඒ, එම කොමිසම හමුවේ පළමු වරට සාක්ෂි ලබාදෙමින්.

පෙරවරු 9.40 ට පමණ හිටපු ජනාධිපතිවරයා කොමිෂන් සභා පරිශ‍්‍රය වෙත පැමිණි අතර හිටපු ජනාධිපතිවරයාගේ සාක්ෂි විමසීමට සවන්දීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් ද පැමිණ සිටියා. එමෙන්ම පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ඊට අදාළ නඩු කෘතයේ මෙන්ම කොමිසමේ ද වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ද, මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සාක්ෂි විමසීමේ අවස්ථාවේදී කොමිසම තුළ රැඳී සිටියා.

එවකට පැවති අර්බුද සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති කොමිසම හමුවේ පැවසුවේ තමන් ජනාධිපතිවරයා වී මාස හයකින් පසු තමන්ටම කියා අගමැතිවරයෙක් හො ඇමති මණ්ඩලයක් පවා නොසිටි බවයි.

 

සාක්ෂි විමසීම අරඹමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසුවේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින මෙරට තුළ ත‍්‍රස්තවාදින් විසින් ප‍්‍රහාර මලාවක් ක‍්‍රියාත්මක කළ අවාථාවේදි ඒ පිළිබද සොයා බැලීමට පරීක්ෂණ කමිටුවක් පත් කළේද යන්නයි.

හිටපු ජනාධිපති - මෛත‍්‍රීපාල සිරිසේන -
” පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව එල්ල වන විට මම හිටියේ සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබමින්. රෝහලෙන් පිටවී මම රැදී සිටි හෝටලයට පැමිණිමත් සමග තමයි මගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා මට කිව්වේ ලංකාවේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. පස්සේ මම හිටපු ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, හිටපු ආරක්ෂක හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය අමතලා රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාම, ඇඳිරි නීතිය පැනවීම සහ ත‍්‍රස්තවාදින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වහා ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන්නා. ප‍්‍රහාරය සිදුවුවේ කෙසේදැයි සොයාබලන්න කමිටුවක් පත්කරන්න මම සිතුවේ සිංගප්පුරුවේ සිටියදීමයි. මම ජනාධිපති ලේකම්වරයාට කිව්වා වහාම මේ පිළිබද සොයා බලා සති දෙකකින් වාර්තාවක් ලබාදෙන්න කියලා නියෝගකරලා ජනාධිපති කමිටුවක් පත්කරන්න කියලා. කමිටුවේ සමාජිකයිනුත් ලේකම්වරයටම තීරණය කරන්න කිව්වා.  පිපිරීම් සිදුවුන දවසේ ? 10ට විතර තමයි ලංකාවට එන්න ත්‍කසටයඑ එකක් තිබුනේ. ලංකාවට එද්දි ? 12 ට වගේ ඇති. පසුවදා ජාතික ආරක්ෂක කවුන්සලය කැදවන්නත් උපදෙස් දුන්නා. එතනදි මම ප‍්‍රහාරය ගැන සොයන්න පත්කරපු ජනාධිපති පරික්ෂණ කමිටුවේ සමාජිකයින්ට පත්වීම් දුන්නා. ඒ තමයි මලල්ගොඩ කමිටුව. මලල්ගොඩ කමිටුවේ නිර්දේශ මත තමයි අද දින මම මේ සාක්ෂි ලබාදෙන ජනාධිපති කොමිසම් සභාව පත්කළේ. ඒ 2019 සැප්තැම්බර් 21 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්. ”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය -

” ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඔබතුමා දරන්නේ කුමන අදහසක්ද ?”
 

හිටපු ජනාධිපති - මෛත‍්‍රීපාල සිරිසේන -

” මට  ඕන වුනේ අත කපාගන්නේ නැතුව පළතුරු ගෙඩිය කපන්න. ඒ නිසයි මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළේ. මම තරම් මාධ්‍ය නිදහස දුන් ජනාධිපතිවරයෙක් මෙරට තවත් නැහැ. නමුත් ඒ දුන්නු නිදහස වගකීමක් ඇතිව භුක්තිවිදින්න  ඕනේ. කෑම වුනත් කද්දි තමාගේ සීමාවකට කන්න  ඕනේ. නැත්තම් උහුලන්නේ නැතිවෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් අන්න ඒ වගේ. හිටපු ජනාධිපතිවරයෙක් කොමිෂන් සභාවකට සාක්ෂිදෙන්න ආපු පළමු අවස්ථාව මේක. ඒ මම කරපු වෙනස නිසා. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මගේ බලතල මංම අඩුකරගත්තා. ජනාධිපතිවරයෙකුට තිබුණ මුක්තිය මම අයින් කළා. ජනාධිපතිවරයෙක් සතුව තිබුණු බලය පාර්ලිමේන්තුවටයි, ස්වාධීන කොමිෂන් සභාවලටයි දුන්නා. එහෙම කරපු ලෝකේ එකම නායකයා මම. මම ඉතාමත් සතුටුවෙනවා අද මේ කොමිෂන් සභාවට එන්න ලැබීම ගැන. මොකද මටත්  ඕනේ අපේ‍්‍රල් 21 මෙච්චර විනාශයක් කරපු මේ ප‍්‍රහාරයට සත්‍ය වශයෙන්ම වගකිවයුතු අයව හොයන්න. ”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය -

” 2015 වර්ෂයේ සිට 2019 දක්වා අන්තවාදය සහ ත‍්‍රස්තවාදය වැළැක්වීමට ඔබේ පාලන කාලය තුළ ඔබගත් ක‍්‍රියාමාර්ග මොනවාද ?”

හිටපු ජනාධිපති - මෛත‍්‍රීපාල සිරිසේන -

”කිසිම රටක රාජ්‍ය නායකයෙක් කැමති නැහැ තමන්ගේ පාලන කාලය තුළ රටේ ත‍්‍රස්තවාදය හිස ඔසවනවාට. මගේ පාලන කාලය තුළ මම උපදෙස් දුන්නේ ත‍්‍රස්තවාදය සහ අන්තවාදය පිළිබද මුල් බීජයක් ඇතිවු පමණින් එය මුලිනුපුටා දමන්න. මගේ පියා දෙවන ලෝක සංග‍්‍රාමයේදි රට වෙනුවෙන් සටන් කරපු විරුවෙක්. එහෙම විරුවෙක්ගේ ලේ තමයි මගේ ඇගේ තියෙන්නෙත්. මම ත‍්‍රස්තවාදි ප‍්‍රහාර 05 කින් දිවි බේරාගෙනත් තියෙනවා. මරණය ළඟට ගිහින් හැරුණ කෙනෙක්.”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය -

”යහපාලන රජයේ සිටි මුස්ලීම් මන්ත‍්‍රීවරුන් 22 න් 11 ක් අමාත්‍යධුර දැරුවා නේද ?

 හිටපු ජනාධිපති - මෛත‍්‍රීපාල සිරිසේන -

” එතකොට තිබුනේ ද්වි පාර්ශීක ආණ්ඩුවක්. මුස්ලීම් ඇමතිවරු සියල්ලම පාහේ තියෝජනය වුනේ මගේ පාර්ශවයෙන් නෙමේ ද්වි පාර්ශික ආණ්ඩුවේ අනිත් පැත්ත. මම හිතන්නේ 1978 ව්‍යවස්ථාවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ සහය ඇතිව අඩුම කාලයක් ආණ්ඩුව කරගෙන ගියේ මම. මම ජනාධිපති වෙලා මාස 06 ක කාලයක් පමණයි පාර්ලිමේන්තුවේ සහයෝගය ඇතුව ආණ්ඩුව කරගෙන යාමට හැකිවුනේ. ඉතිරි මුලූ කාලයේම මට කියලා අගමැති කෙනෙක් හිටියේ නැ. ඇමති මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක් තිබුනේ නැහැ. මහබැංකු අධිපති තනතුරට අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීම, මහබැංකු බැදුම්කර වංචාව වගේ සිද්ධිවලට ජනාධිපති කොමිසම පත්කිරීම ඉදලම මම ආණ්ඩුව කරගෙන ගියේ ලොකු අපහසුවකින්. ඒ සමයේ ඇතැම් අවස්ථාවල යුද්ධයේදි විශාල දායකත්වයක් සැපයු ත‍්‍රිවිඩ හමුදා නිලධාරින්, බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගැනීම් සිද්ද වුණා. නමුත් මම ඒවා මගහැරලා ආණ්ඩුව ඉස්සරහාට ගෙනිච්චා. 2018 දෙසැම්බර් වෙනකල් පොලිසිය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගේ යටතේ තිබුනේ නැහැ. මගේ යටතට පත්වුණාට පස්සේ මම දිවයිනේ සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ගෙන්වලා මාසිකව රැුස්වීමක් තියන්න පටන් ගත්තා. සමහරු මේ කොමිසම හමුවේ සාක්ෂි දිලා තිබුණා ජාතික ආරක්ෂක මණ්ඩලය දුර්වල වුණා කියලා. නමුත් කිසිම අවස්ථාවක එහෙම දුර්වල වුනේ නැහැ.

ජාතික ආරක්ෂක මණ්ඩලය කොතරම් රැස්වීම් පැවැත්වුවාද කියලා මගේ පෞද්ගලික දිනපොතේ තියෙනවා.  ඕනේනම් මට එක මේ කොමිසමට දෙන්න පුළුවන්. මම එකේ ඊයේ පෙරේදා සටහන් ලියුවේ නැහැ.  ඕනේනම් රජයේ රස පරීක්ෂකට යවලා පරික්ෂා කරවන්න. ත‍්‍රස්තවාදයක් පිළිබදව මාව කවුරුත් දැනුවත් කරලා තිබුනේ නැහැ. අන්තවාදය ගැන විතරයි මා දැනුවත් කර තිබුනේ. අයි.එස් අන්තවාදය ගැන 2017 වර්ෂයේ ඉදලා මා දැනුවත් කළා. නමුත් 2019 ජනවාරිවල තමයි සහරාන් අයි.එස් මතවාදය දරනවා කියලා කිව්වේ. ”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

”ඔබතුමා දන්නවද හිටපු ජනාධිපතිතුමා, 2017 මාර්තු 10 අලියාර් මංසන්ධියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමේ එක් පාර්ශවයක් නායකත්වය ගත්තේ ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම්. මේ සිද්ධියෙන් පසු ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණා. එම වරෙන්තුව අනුව ක‍්‍රියාත්මක නොවුනේද යන්න පොලිසියෙන් ඔබ විමසුවෙ නැත්ද ? ”

හිටපු ජනාධිපති - මෛත‍්‍රීපාල සිරිසේන -

”වරෙන්තු ලැබ සිටින කෙනෙක්ව අත්අඩංගුවට ගන්න ජනාධිපති උපදෙස් දෙන්න  ඕනේ නැහැ. මං ආරක්ෂක කවුන්සලයේදිත් කියල තියෙනවා ඔය වරෙන්තුකාරයො අල්ලන ඒවා ගැන මෙතන කතා කළ යුතුද කියලා. ඒක පොලිසියේ රාජකාරිය. ”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -
”ඇයි එහෙනම් ඔබ සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා පසු අවස්ථාවක උපදෙස් දුන්නේ එය ජනාධිපතිවරයාගේ කාරණයක් නෙවෙයිනම්..?”

හිටපු ජනාධිපති - මෛත‍්‍රීපාල සිරිසේන -

”එහෙම උපදෙස් දුන්නා. ඒ වෙද්දි මට බුද්ධි අංශ වාර්තා කරල තිබුණා සහරාන් අයි.එස්. මතය අනුව යමින් සිටිනවා කියලා. ඒ නිසා මම උපදෙස් දුන්නා සහරාන්ව වහාම අත්අඩංගුවට කියල උපදෙස් දුන්නා.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -

”ඔබතුමා ඒ දුන්න උපදෙස් පිළිපැද තිබූ බව 2019.04.21 වෙද්දි තේරුණාද..?”

හිටපු ජනාධිපති - මෛත‍්‍රීපාල සිරිසේන -

”පැහැදිලි ලෙසම ඒ උපදෙස් ක‍්‍රියාත්මක කරලා නැහැ ස්වාමීනි.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය -
” LTTE කාලයේදීවත් බෝම්බ 8ක් එකදවසක පුපුරා ගියා කියල ඔබ අහල තිබුණද..?”

හිටපු ජනාධිපති - මෛත‍්‍රීපාල සිරිසේන -

”නැහැ. ඒ ගැන හිතනවිට මේ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක විය යුතුව තිබූ සියලූ අංශ විශාල ලෙස පසුබෑමක් වෙලා තිබිලා තියෙනවා. ප‍්‍රහාරය වෙනවා කියල ඒ තොරතුර ලැබුණු අය ඒ සම්බන්ධයෙන් වහාම ක‍්‍රියාත්මක විය යුතුයි. මම මේ ප‍්‍රහාරය වෙද්දි ප‍්‍රතිකාර ගන්න සිංගප්පූරු රෝහලට පිටවෙලා හිටියේ. මං අපේ‍්‍රල් 16 වෙනකල් ලංකාවෙ හිටියා. දැන් දැනගන්න තියෙන්නේ මේ තොරතුර ලැබිලා තිබුණේ අපේ‍්‍රල් 4. අපේ‍්‍රල් 8 වෙනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීම්ගේ රැස්වීම තිබුණා. මම 12 මඩකලපුවෙ ගියා. ඒ වෙලාවෙවත් මගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියාට මේ ගැන කියල තිබුණේ නැහැ.

ඊටපස්සෙ අවුරුද්දට සුබ පතන්න හේමසිරි ප‍්‍රනාන්දු ආරක්ෂක ලේකම්තුමා දියතලාවෙ ඉදන්ම ආවා. පූජිත් ජයසුන්දර පොලිස්පතිත් ආවා. දෙන්නා ඇවිත් පැය දෙකක් විතර ඉදලා දවල්ටත් කාලා ගියේ. එතනදි කිව්වෙත් නෑ මේ ගැන. පස්සෙ මම විදෙස් ගතවෙන්න ගුවන්තොටුපළට ගිය වෙලාවෙ එතනටත් පූජිත් ආවා. මම ෆලයිට් එකට නැග්ගම ඒකේ ඇතුළටත් නැගලා පූජිත් ඇතුළට ඇවිත් ‘සුබ ගමන් සර්‘ කියල මට ි්කමඑැ කළා. මං කිව්වා ‘මං දවස් හතරකින් එනවා. එතකල් වැඩකටයුතු කරගන්න‘ කියලා.

එතකොටවත් කිව්වානම් ඒ වෙලාවෙම මගේ විදෙස් සංචාරය පවා නතර කරනවා. මගේ ජනාධිපතිධුරය සමයේ මේ ඛේදවාචකය වීම මහා කම්පාවක්. මේ 4 වෙනිදා ලැබුණු බුද්ධි තොරතුර ගැන මට කිව්වේ අපේ‍්‍රල් 22 ආරක්ෂක මණ්ඩලයේදී.  මං එතකොට මවිතයට පත් වුණා. මෙවැනි දෙයක් ගැන මට කලින් දන්වලා තිබුණානම් ඒ වෙද්දි ලෝකෙ වෙලා තිබුණ සිදුවීම් එක්ක මට අවබෝධයක් ගන්න පුලූවන් කම තිබුණා. මට මේ ගැන කිව්වානම් මම කාදිනල් හිමියන් දැනුම්වත් කරලා, ආරක්ෂක මණ්ඩලය රැුස්කරල අවශ්‍ය පියවර ගන්නවා. එහෙමනම් මේ ඛේදවාචකය වෙන්න දෙන්නේ නෑ. මට මේක නොකියපු එක තමයි ලොකුම ප‍්‍රශ්නෙ. මට මේ ගැන එක ටෙලිෆෝන් කෝලෙකකින් කිව්වානම් මං මේක නවත්වනවා ස්වාමීනි.”

 

--