Monday, May 13, 2024

General line - 0115112241

කොරෝනා අතරතුර බස් හිමියන් ගාස්තු සංශෝධනයක් ඉල්ලයි




මුඛ ආවරණ නොමැතිව පැමිණෙන මගීන් බස් රථවලට නංවා නොගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මේ බව සදහන් කළේ අද මාධ්‍ය හමුවක් කැදවමින්.

ආසන ගණනට බස් රථවල මගින් රැගෙන යා යුතු බවට ප‍්‍රවාහන බලධාරීන් ප‍්‍රකාශ කළ ද එය ප‍්‍රායෝගික නොවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ආසන ගණනට මගීන් රැගෙන යන්නේ නම් බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළා.