Thursday, May 9, 2024

General line - 0115112241

බ්‍රැන්ඩික්ස් ආයතනය පිළිබඳ අසත්‍ය පුවතක් සමාජජාලයේ




මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට ඉන්දියාවෙන් පිරිසක් පැමිණ තිබෙන බවට අසත්‍ය පුවතක් සමාජජාලයේ පළ වන බවට එම ආයතනය සඳහන් කරනවා. ඒ ඉන්දියාවේ සිට පිරිසක් එම ආයතනයට ගුවන් මගින් පැමිණ තිබෙන බව සඳහන් කරමින්.

 එහිදී සැබෑ ලෙසටම සිදුව ඇත්තේ බ්‍රැන්ඩික්ස් කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලංකා කළමණාකරුවන් පිරිසක් ඉන්දියාවේ රාජකාරී කටයුත්තක් අවසන් කර විශේෂ ගුවන් යානයකින් පසුගිය 22 වනදා මත්තල ගුවන් තොටුපළට පැමිණීමයි. එම ගුවන් යානයෙහි කිසිඳු ඉන්දීය ජාතිකයෙකු පැමිණ නැහැ.

එහිදී සියලූම ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් එම පිරිස දින 14ක් රජය මගින් නිරෝධානයට වෙන් කළ හෝටලයක නැවතී සිට නිරෝධායනය වී තිබේ. එම දින 14 නිරෝධායනය අවසන් කළ එම කාර්ය මණ්ඩලය මේ වනවිට සිය නිවෙස් වලට වී තවත් දින 14ක් නිවෙස් වලට වී නිරෝධායනය වෙමින් සිටිනවා. ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට මෙම නිරෝධානය වෙමින් සිටින පිරිස කිසිලෙසකින් නොගොස් තිබෙනා අතර මේ වනවිට සිදු කළ වෛද්‍ය පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ සැප්තැම්බර් 21 දිනයේ හෝ ඉන් පෙර මෙලෙසට එහි සේවිකාවන් අතර කොරෝනා ආසාධනය වීම ඇරඹී තිබෙන බවයි.

මේ අනුව එම සමාජජාලා වල පළවන පුවතේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව එම ආයතනය පවසනවා.