Thursday, May 9, 2024

General line - 0115112241

ශිෂ්‍යත්වය ලියන දරුවන්ගේ දෙමව්පියන්ටත් යළි සිහි කැඳවීමක්




05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට හෙට දිනයේ පෙනී සිටින දරුවන්ට අද දිනයේ විෂය කරුණු සම්බන්ධයෙන් මානසික පීඩනයක් ඇති වන ආකාරයෙන් කටයුතු නොකරන්නැයි මව්පියන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා. දරුවන් නිදහස් මානසිකත්වයකින් විභාගයට යොමු කිරීම මව්පියන්ගේ වගකීමක් බවයි ප‍්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද සඳහන් කළේ.