Thursday, May 9, 2024

General line - 0115112241

විභාගය ලියන පහේ හපනුන්ට උපදෙසක් සහ මව්පියන්ට ආයාචනයක්




විභාග ප‍්‍රශ්න පත‍්‍ර සඳහා පිළිතුරු ලබා දී ඇති කාලය උපරිම ලෙස යොදා ගන්නැයි අද දිනයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිිටින දරුවන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා. විභාගයට පෙනී සිටින දරුවන්ට මෙන්ම මව්පියන්ට වැදගත් කරුණු රැසක් පිළිබඳ කරුණු පැහැදිලි කරන ප‍්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද ගුරුතුමන්.

අද දිනයේදී 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට කිසිදු අයුරකින් පීඩනයක් ලබා නොදෙන ලෙසයි මෙහිදී මව්පියන්ගෙන් ඉල්ලීමක් කෙරුණේ.

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් නෙත් රේඩියෝව මගින් රේඩියෝ සම්මන්ත‍්‍රණ මාලාවක් ද කි‍්‍රයාත්මක කෙරුණා. අද දිනයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන්ට නෙත් එෆ් එම් රේඩියෝව ද සුභාෂිංසන එක් කර සිටිනවා.