Thursday, May 9, 2024

General line - 0115112241

කොරෝනා වැළඳීමෙන් පසු ට‍්‍රම්ප් පළමු වරට පාක්ෂිකයින් අමතයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පළමු වරට සිය පාක්ෂිකයින් අමතා තිබෙනවා. ධවල මන්දිරය ඉදිරිපිටට රැස්වූ රිපබ්ලිකන් ආධාරකරුවන් නීතිය හා සාමය වෙනුවෙන් සාමාකාමී රැළියක් ලෙසින් එය සංවිධාන කර තිබූ අතර, ට‍්‍රම්ප් ධවල මන්දිරයේ සඳළුතලයේ සිට ඔවුන් ඇමතූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පාක්ෂිකයින් බොහෝදෙනා මුඛ ආවරණ පැළඳ සිටිය ද ඔවුන් නිසි පරිදි සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොසිටි බව ද වාර්තා වනවා.

ධවල මන්දිරයේ සිට මුඛ ආවරණයක් නොමැතිව පාක්ෂිකයින් ඇමතූ ඩොනල්ඞ් ට‍්‍රම්ප්, ප‍්‍රතිවාදී ඩිමොක‍්‍රටික් පක්ෂයට විවිධ චෝදනා එල්ල කරමින් සිය ජයග‍්‍රහණ සම්බන්ධයෙන් උදම් ඇනූ බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. මෙම රැළියත් සමග ඔහු සිය ජනාධිපතිවරණ ප‍්‍රචාරණ කටයුතු යළි අරඹා ඇති අතර ලබන සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනයන්හිදී ට‍්‍රම්ප් පිළිවෙලින් ෆ්ලොරිඩා, පෙන්සිිල්වේනියා සහ අයෝවා යන ප‍්‍රාන්තවලදී සිය පාක්ෂිකයින් ඇමතීමට නියමිතයි.

නව්‍ය කොරෝනා වෛරසය වෙනුවෙන් ලබාගත් ඖෂධ ප‍්‍රතිකාර නැවැත්වූ බවත්, තමා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, ඩොනඞ්ල් ට‍්‍රම්ප් ඊයේ ප‍්‍රකාශ කළා.