Saturday, May 18, 2024

General line - 0115112241

ගම්පහ ඇඳිරි නීතිය ඉවත් කිරීම පිළිබඳ තීරණය අද




ගම්පහ ප‍්‍රදේශයේ පොලිස් බලප‍්‍රදේශ 18 කට බලපැවැත්වෙන පරිදි කි‍්‍රයාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම හා එම ප‍්‍රදේශවල වෙලඳසැල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයකට එළඹෙන බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. 

නෙත් නිවුස් කළ විමසීමකදී යුද හමුදාපතිවරයා පැවසුවේ නිරෝධායන ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ වර්ග රැස්කර ගැනීම සඳහා අවස්ථාවක් ලබාදීම එහි අරමුණ බවයි. 

මේ අතර කටුනායක පොලිස් බලප‍්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වුවද ආයෝජන කලාපයේ කර්මාන්තශාලා අද දිනයේ සාමාන්‍ය පරිදි සිය සේවාවන් පවත්වාගෙන යනු ලබනවා.

ඒ, එම කර්මාන්තශාලාවල සේවය කරන සේවක සේවිකාවන් සඳහා සිය රාජකාරී හැදුනුම්පත, ඇදිරි නීති බලපත‍්‍රයක් ලෙස භාවිත කිරීමට පොලීසිය අවසර ලබාදීම හේතුවෙන්.