Saturday, May 18, 2024

General line - 0115112241

ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක නිලධාරියෙකුටත් කොරෝනා




කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක ප්‍රධාන කාර්යාලයක සේවයේ නියුතු සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

කොළඹ, මරදාන ප්‍රදේශයේ ටි.බී.ජයා මාවතේ පිහිටි මෙම පෞද්ගලික බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දකුණු ගොඩනැගිල්ලේ 19 වන තට්ටුවේ සේවයේ නියුතු අයෙකු මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව එම කාර්යාලයේ සේවයේ නියුතු සියළු සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනට යොමු කොට ඇති බවත් ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් විෂබීජ හරණයට ලක් කිරිමට පියවර ගෙන ඇත. 

එමෙන්ම ප්‍රධාන බැංකු ශාඛාව සහ ඩිජිටල් ගණුදෙනු අංශය මහජන සේවාවන් සඳහා විවෘතව ඇති බව එම පෞද්ගලික බැංකුව නිවේදනය කර සිටිනවා.