Monday, May 20, 2024

General line - 0115112241

රටපුරා 35,000ක් ස්වයං නිරෝධායනයට : STF ඇතුළු පොලිසියේ 17කට කොරෝනා 




මේ වන විට දිවයින පුරා පුද්ගලයින් 35,000 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 75ක් තුළ පුද්ගලයින් 8,090 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළුව සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

මිට අමතරව පොලිසියේ නිලධාරින් 400 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කොට ඇති බවත් තවත් පිරිසක් ස්වයං නිරෝධායනය වෙමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.