Monday, May 20, 2024

General line - 0115112241

17 වන කොරෝනා මරණය වාර්තා වෙයි 




මෙරට 17 වන කොරෝනා මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 41ක් හැවිරිදි ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අක්මාව ආශ්‍රිත රෝගයකින් පෙළෙමින් සිටි ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කලේ.

මෙම පුද්ගලයා පසුගිය 24 වෙනිදා කොළඹ IDH රෝහලට ඇතුලත් කොට තිබෙනවා. නිධන්ගත රෝගී තත්ත්වය හේතුවෙන් මෙලෙස ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.