Monday, May 20, 2024

General line - 0115112241

දින 06 කට පසුව බේරුවල ධිවර වරායේ මාළු ගොඩබෑම අරඹයි (PHOTOS / VIDEO)

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා




බේරුවල ධීවර වරායේ දින හයක කාලයක් තිස්සේ බහුදින යාත්‍රාවල ගොඩ ගැසී තිබූ මසුන් තොග අද (27) පෙරවරුවේ සිට ලංකා ධීවර සංස්ථාවේ මැදිහත්වීමෙන් සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර මිලදී  ගැනීමේ කටයුතු සදහා මත්ස්‍ය තොග ගොඩ බෑම සිදු කරන බව බේරුවල ධීවර වරාය කලමනාකාර එඩ්වඩ් දයාමාල් ප්‍රකාශ කර සිටියා.

ලංකා ධීවර සංස්ථාවේ කලමණාකාර අධ්‍යක්ෂ ක්‍රිශාන්ත රත්නවීර බේරුවල ධීවර වරායට පැමිණ මෙම මත්ස්‍ය තොග මිලදී ගැනීමට කටයුතු කල අතර එහිදී ඔහු කියා සිටියේ මිලදී ගන්නා මත්ස්‍ය තොග කාණ්ඩ තුනකට වර්ග කර සාධාරණ මිලකට මිල දී ගන්නා බවයි.

"බේරුවල කොවිඩ් 19 වෛරස් තත්වයක් පැතිර යාමත් සමග ධීවර ව්‍යාපාරික ප්‍රජාවගේ මත්ස්‍ය අස්වැන්න යාත්‍රාවලින් ගොඩබා බෙදාහැරීමේ කටයුතුවලට බාධා ඇති වුනා. ධීවරයන් මහත් පරිශ්‍රමයක් දරා අව් වැසි ,කුණාටු මැද මාස ගණනාවක් ඈත දියඹේ සිට ගෙන ආ මත්ස්‍ය අස්වැන්න අද බේරුවල ධීවර වරායේ සිට බෙදා හැරීමේ කටයුතු ධීවර සංස්ථාව මැදිහත්ව සිදු කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරුන්ට, සෞඛ්‍යය බලධාරීන්ට, පොලිස් හා වරාය කලමණාකාරීත්වයටත් අපගේ ධීවර ගැටළුව පිලිබදව දැනුවත් කල මාධ්‍ය වෙතද ස්තුතිය පුද කරන බවයි" බේරුවල ධීවර වරාය සංවර්ධන කමිටු සභාපති හා බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙකු වන සජිත් දේවප්‍රිය අදහස් දක්වමින් මෙහිදී කියා සිටියේ.