Monday, May 20, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිතයින් 293ක් වාර්තා වෙයි : මිනුවන්ගොඩ කොරෝනා පොකුර 5000 ඉක්මවයි




නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 293 දෙනෙක් වාර්තා වේ. එයින් දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 291 ක් දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 5232ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8706 දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති ආසාදිතයින් පිරිස 4043 ක් වනවා. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4646ක් වනවා.