Monday, May 20, 2024

General line - 0115112241

ඇඳිරි නිතිය දැමු ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගත හැකි දින සහ වේලාවන් මෙන්න 




ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ අළෙවි කිරීමේ වෙළෙද සැල් විවෘතව තබන දිනයන් සහ වේලාවන් සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ දැනුම් දීමක් සිදුකර සිටිනවා.

ඒ අනුව කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කයන් සඳහා සඳුදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා වෙළෙඳසැල් විවෘතව තබනු ඇති.

එමෙන්ම කුරුණෑගල සහ කොළඹ දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවලට අදාලව අඟහරුවාදා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හැකි බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.