Monday, May 20, 2024

General line - 0115112241

ලංකාවට එන්න කලින් අමෙරිකාව, ඉන්දියාව සමග තීරණාත්මක ආරක්ෂක ගිවිසුමක




අමෙරිකාව සහ ඉන්දියාව අතර අද තීරණාත්මක ද්විපාර්ශවික ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබුණා. ඒ, අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ඉන්දීය නිල සංචාරයට සමගාමීවයි. එම සංචාරය සඳහා අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක ටී එස්පර් ද එක්ව සිටිනවා. 

නවදිල්ලි නුවර පැවැති තීරණාත්මක සාකච්ජා වටයකින් අනතුරුව අමෙරිකාව හා ඉන්දියාව එම ආරක්ෂක ගිවිසුම සඳහා අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම සාකච්ජා සඳහා ඉන්දියාව නියෝජනය කරමින් සහභාගී වී සිටියේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශන්කර් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං. 

රටවල් දෙක අතර අත්සන් තැබුණු ආරක්ෂක ගිවිසුමට අනුව දෙරට අතර භූ තලයේ, සාගරයේ සහ ගුවනේ ක‍්‍රමෝපාය දත්ත හුවමාරු කර ගැනීමට අවස්ථාව උදාවන බව සඳහන්. එසේම අදාළ ගිවිසුම මගින් අමෙරිකාව සතු අති නවීන ගුවන් යානා ඉන්දියාවට ලබාදීමට ඉඩ සැලසෙන බව විදෙස් වාර්තාවන්හි සඳහන්. 
කෙසේවෙතත්, ඉන්දියාව එලෙස අමෙරිකාව සමග තීරණාත්මක ආරක්ෂක ගිවිසුමකට එළඹීම චීනයට එරෙහිවීමක් බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.