Monday, May 20, 2024

General line - 0115112241

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට : සංචාරයේ අරමුණ ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් 




ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු දූත පිරිස අද දින රාත්‍රී 7.35 ට දෙදින නිල සංචාරයක් සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ශ‍්‍රී ලංකා සංචාරය තුළ කිසිඳු ගිවිසුමකට අත්සන් තැබීමක් සිදු නොවන බව රජය අද තහවුරු කළා. කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ ද්විපාර්ශවික එකගතාවන් කිහිපයක් ඇති කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි. 

සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිලගෙන් ද මාධ්‍යවේදීන් මෙම සංචාරය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අද ප‍්‍රශ්න කළා. 

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ‍්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්ලයාලය ඉදිරිපිටදී අද විරෝධතාවක ද නිරත වුණා. මේ, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත්.