Monday, May 20, 2024

General line - 0115112241

කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයෙකු මත්පැන් මිලදී ගැනීමට ගිය හැටන් මත්පැන් අලෙවිසැල් දෙකක් වසා දමයි  

රංජිත් රාජපක්ෂ - හැටන් 




හැටන්, කොටගල ඩෙට්‍රන් වතුයායේ කොවිඩ්- 19 වෛසරය අසාදනය වි දැනට නිරෝධානයට යොමු කර ඇති රෝගියෙකු හැටන්, කොටගල නගරයේ මත්පැන් අලෙවිසැල් දෙකකට ගොස් මත්පැන් මිල දි ගෙන ඇති බවට ලද බුද්ධි තොරතුරක් මත එම මත්පැන් අලෙවිසැල් දෙක කොටගල සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අද (28) දින වසා දමා එහි සේවකයින් අට දෙනෙකු ඇතුළු ඔවුන්ගේ පවුලේ සමාජිකයින් ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

කොවිඩ්-19 වෛසරය අසාදනය වු එම රෝගියා හැටන්, කොටගල නගරයේ සංචාරණය කල ස්ථාන විෂබිජහරණයට ලක් කිරිමටද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අද (28) දින කටයුතු කළා.

එම අසාදිතයා පැලියගොඩ මත්ස්‍ය වෙලදපොලේ සේවය කල අයෙකු බවත් එම සේවකයාගේ ආශ්‍රිතයින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

හැටන් නගරයේ හමු වු කොවිඩ්-19 වෛසරය අසාදනය වු රෝගින් 11 දෙනාගේ ආශ්‍රිතයින් 435 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇති අතර ඉන් 40 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයට යොමු කර ඇති අතර එහි වාර්තාවන් හෙට (29) දින ලැබිමට නියමිතය.

හැටන් නගරයේ පොදු ස්ථාන සහ මහජනතාව ගමන් කරන පදික වේදිකාව විසබිජහරණයට ලක් කිරිම අද දින හැටන්-දික්ඔය නගර සභාව විසින් සිදු කරන ලැබුවා.

මේ අතර බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ කොවිඩ් 19 වෛසරය අසාදනය වි දැනට පොලොන්නරුව මානම්පිටිය ගල්ලැල්ල යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට යොමු කර ඇති රෝගියෙකුගේ පවුලේ කාන්තාවන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති බවට තහවුරු වි ඇති බවත් එම කාන්තාවන් දෙදෙනාද ප්‍රතිකාර කරා යොමු කිරිමට පියවර ගන්නා බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ප්‍රකාශ කර සිටියා.