Monday, May 20, 2024

General line - 0115112241

චීනයට වඩා ඇමරිකාව හොඳයිද ? වජිර අබේවර්ධන පැහැදිලි කරයි




එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සිය පක්ෂයේ සහ රටේ වත්මන් තත්වය පිළිබඳව දීර්ඝ ලෙස අදහස් පළ කළා.

ඒ අද පැවති මාධ්‍ය හමුවකදීයි.එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ වජිර අබේවර්ධන මහතා,

'' ... ඇත්ත වශයෙන් මම හිතනවා අපේ පක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය, පාක්ෂිකයන් ඉතාම කල්පනාකාරීව මේ සිදුවීම් මාලාව දිහා බැලිය යුතුව තියෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂය හැටියට සෑම අවස්ථාවකම උත්සාහ කරේ අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සන්ධානයක් සකස් කරනවා නම් ඒ සන්ධානයේ පරමාර්ථය කුමක්ද? සන්ධානය සකස් වෙන්නේ කොහොමද? ඒක පාලනය කෙරෙන්නේ කොහොමද? ඒ සන්ධානයේ විනය කටයුතු සහ අනිකුත් කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියන එක අප පක්ෂ ප්‍රධාන කෘත්‍යාධිකාරී මණ්ඩලය හැටියට සාකච්ඡා කරමින් සිටියේ ජනාධිපතිවරණයෙන් පස්සේ. 

දැන් එවැනි අවස්ථාවක තමයි වාද විවාද විවිධ අදහස් මතු වෙමින් තිබෙන අවස්ථාවක, අපේ පක්ෂයේ පිරිසක් මං හිතන්නේ පක්ෂයේ විනය නීති රීති ගැන නොතකා ඔවුන් අනුන්ගේ දේශපාලන පක්ෂයක් කර පින්නාගෙන රටේ දේශපාලනය බරපතල අගාධයකට ඇදලා දාලා තියෙනවා. දැන් ඒ නිසා තමයි ඇත්තවශයෙන් 20 වෙනි සංශෝධනය ඉදිරිපත් වුණා. ඒ 20 වෙනි සංශෝධනය සිදු වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගිය පිරිස ලබා දුන් සහයෝගය නිසා. නැත්තම් 20 වෙනි සංශෝධනය සම්මත වීමට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. 

දැන් මින් ඉදිරියට මං හිතනවා මීටත් වඩා කරුණු සමාජයේ මේ අවුරුද්දේ දෙසැම්බර් මාසය විතර වෙනකොට තවත් මීට වඩා ඛේදවාචකයන් මතු වීම් වෙන්න පුළුවන් කියලා. මෙවැනි විනයක් නැති, පාලනයක් නැති දේශපාලන පක්ෂ ගොඩනගාගෙන, එවැනි දේශපාලන පක්ෂ වලට මහජනයත් රැවටිලා තමන්ගේ ඡන්දේ පාවිච්චි කරයින් පස්සේ අමාරුවේ වැටෙනවා රටක් විදියට.

දැන් මේ වෙච්ච ක්‍රියාවලිය ඇත්තවශයෙන් විවිධ තර්ක තිබෙනවා 19 වන සංශෝධනයේ තිබෙන අඩු පාඩු ගැන වෙනම කථා කරනවා. ඒ වගේම 20 වෙනි සංශෝධනය ගැන විවිධ අදහස් පලවෙමින් තිබෙනවා. හැබැයි ඒ 20 වෙනි සංශෝධනය සම්මත කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ගම් මට්ටමේ ඉන්න අහිංසක පිරිස් නොදැනුවත්කමින් තමන්ගේ වටිනා ඡන්දය වෙනත් සුළුතර බලවේගයක් සඳහා ලබා දීම තමයි සිදු වන්නේ. දැන් මේ සිදුවීම කරන ගමන් තමයි දිගටම එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරමින් සිටියේ රාජපක්ෂලා සමග මේ එක්සත් ජාතික පක්ෂය ගණුදෙණුවක් තියෙනවා කියලා. දැන් සමාජයට එළිවෙමින් තියෙනවා කා සමගද මේ ගණුදෙණුව තිබෙන්නේ කියලා. 

මේක මහජනයා නිවැරදිව තේරුම්ගත යුතුව තියෙනවා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ගම් මට්ටමින් ඉන්න සාමාජිකයන් මේ ගැන බොහොම කල්පනාවෙන් ඒ දිහා බැලිය යුතුව තියෙනවා. මේ දේම තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණයින් පස්සේ, ඇත්තවශයෙන් අපේ පක්ෂයේ ඔය පිරිස හැසිරුනේ 19 වෙනි සංශෝධනය අනුව නෙමේ. 19 වෙනි සංශෝධනය අනුව නම් ජනාධිපතිවරයා කවුරු ඉදිරිපත් වුණත් රජය පවත්වාගෙන යාමේ හැකියාව තිබුණා. ඒ නිසා තමයි ජනාධිපතිවරයා පත්වෙලා එතුමා දින කිහිපයක්, සති කිහිපයක් යනකම් කිසිදු තීරණයක් ගත්තෙ නෑ. කැබිනට් මණ්ඩලයක් නීතිය අනුව පත් කරන්න හැකියාවක් නැහැ. 

එහෙනම් එවැනි තත්වයක් උදා කළේ මේ කණ්ඩායමයි. ඒ කණ්ඩායම කොහොමද ඒක කළේ? 19 වෙනි සංශෝධනය අනුව ක්‍රියා නොකර, නොතිබුණ 20 වෙනි සංශෝධනය අනුව තමයි එදා ජනාධිපතිවරයා තේරී පත් වූ අවස්ථාවේ මේ කණ්ඩායම ක්‍රියා කළේ. දැන් එය නීතිගත කිරීම සිදු කරලා තියෙනවා මේ කණ්ඩායම. එතකොට බලන්න අහිංසක ගම් මට්ටමින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට එක්සත් ජාතික පක්ෂයටත් වඩා සුපිරි ව්‍යාපාරයක් බලාපොරොත්තුවෙන් ආරම්භ කරන ව්‍යාපාරයක් නිසා සිදුවුණු ඛේදවාචකය බරපතල ඛේදවාචකයක් හැටියටයි අපිට හඳුන්වන්න තිබෙන්නේ. 

ඒ නිසා මං හිතනවා මෙවැනි දේවල් වලට කාලයාගෙන්ම තමයි පිළිතුරු ගත යුතුව තිබෙන්නේ. ඇතැම් කරුණු මහජනයා අවබෝධකරගත යුත්තේ තමන් අත්හදා බලන ක්‍රියාවලිය අසාර්ථකවීම තුළ පැහැදිළි එක්සත් ජාතික පක්ෂයන්ගෙන් ගත්ත මේ ක්‍රියාවලිය අසාර්ථක ප්‍රයඥයක්, විනාශ වන ප්‍රයඥයක්. ඔවුන් විනාශ වුණාට කමක් නෑ. ඔවුන් රටත් ජාතියත් විනාශ කරන තැනට ගමන් කරලා තියෙනවා. 

දැන් එවැනි අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් මං හිතනවා ඉතාමත් කල්පනාවෙන්, සිහි බුද්ධියෙන් ක්‍රියාකළ යුතු අවස්ථාවක් හැටියටයි දකින්නේ.මොකද රටේ බරපතල තත්වයක් කෝවිඩ් 19 බෝවෙමින් තියෙනවා. ඒ වසංගත රෝගය ආරම්භ වුණ දවසේ ඉඳලා මේ දක්වා ගත්තු ක්‍රියාමාර්ග දිහා බැලවමත් ඉතාමත් අවාසනාවන්ත ක්‍රියාවලියක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. 

අපි රජයක් හැටියට ක්‍රියාත්මක කරද්දී මේ රටේ සෑම නිවසක්ම රක්ෂණය කළා. අපි සෑම පුද්ගලයෙක්මත් මහා භාණ්ඩාගාරයේ වියදමින් රක්ෂණය කළා. ඒ නිසා අපිට 2017 මහා දැවැන්ත ගං වතුර ආවම, මහ සුළි සුළඟ ආවම, මහ නියඟව ආවම ඒ රක්ෂණ ව්‍යාපාරය හරහා මහජනයා ආරක්ෂා කරන්න පුළුවන්කම ලැබුණා. 

එතකොට අපි මහා භාණ්ඩාගාරයෙන් සමස්ථ රටේ රට වැසියනුත් දේපොළත් සියල්ලම රක්ෂණය කරපු පාලන යන්ත්‍රයක් වෙලත් තමයි මහජනයා විසින් පලවා හැරියේ. දැන් මහජනයා විසින් ඒ ප්‍රතික්ෂේප කරපු පාලන යන්ත්‍රය ප්‍රතික්ෂේප කරලා තිබියදී මහජනයාට සිද්ධ වෙලා තියෙනවා බරපතල විදියට මේ දුක්ඛදායක තත්වයට මුහුණුදෙන්න. 

ඒ නිසා එක පැත්තකින් රටේ ආර්ථිකයේ මහා දැවැන්ත කඩා වැටීමක් සිදුවෙමින් පවතිනවා. රටේ ආර්ථිකය මහා ව්‍යාසනයකට පත්වෙමින් තියෙනවා. එතකොට කියන්න පුළුවන් මේක ලෝකෙම තත්වය කියලා. ලෝකෙම තත්වය මේක නෙමෙයි. ඒක ගොඩක් වෙනස්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකය නැගිට්ටා. එදා ඒ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකය නැගිට්ටේ එක්සත් ජාතික සංවිධානය පිහිටුවා ගත්ත නිසා. ඊට මාස කිහිපයකට පස්සේ ලෝක බැංකුව පිහිටුව ගත්ත නිසා. ඊට අවුරුදු කිහිපයකට පස්සේ වෙනත් මුල්‍ය ආයතන පිහිටුවගත්ත නිසා. 

අදත් එවැනිම තත්වයක් ලෝකයේ නිර්මාණය වෙමින් පවතිනවා. එවැනි තත්වයකට අවශ්‍ය කරන නීති රීති පද්ධතියක් සහ වැඩ පිළිවෙළක් මේ මොහොත දක්වාම මේ පාලන යන්ත්‍රය ක්‍රියාත්මක කරලා නැහැ. අද මට මතකයි මේ ප්‍රවෘත්ති සාකච්ඡා වලදී එහෙම මං විවිධ අවස්ථාවල කිව්වා ප්‍රාදේශීය වාර්ථාකරුන් ඉතාම අවාසනාවන්ත තැනකයි ඉන්නෙ කියලා. ඔවුන්ගේ දීමනා පවා ගෙවන්නේ නෑ කියලා. මට මතකයි එවැනි අවස්ථාවල ප්‍රාදේශීය වාර්ථාකරුවන් ඔවුන්ගේ මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට තියෙන ගෞරවය නිසා ඔවුන් ආරක්ෂා කරගන්න අපට ලැබිලා තියෙනවා කිව්වා. අදට මාස ගණනක් වෙලත් ඔබ වැනි වාර්ථාකරුවන් පවා අසරණ වූ තත්වෙකට පත්කරපු පාලන යන්ත්‍රයක් තිබෙන අවස්ථාවක් හැටියට මට හඳුන්වන්න තිබෙන්නේ. ඒ නිසා මේ ගැන මාධ්‍යවේදීන් හැටියට ඔබ හොඳින්ම දන්නවා. ප්‍රාදේශීය වාර්ථාකරුවන් ඊටත් වඩා හොඳින් ඒ ගැන දන්නවා. 

ඒ නිසා රටක් විනාශ මුඛයට ඇදලා දැම්මේ මේ රටේ පිළිගත් විශේෂඥ වෛදවරු, මේ රටේ පිළිගත් ආර්ථීක විශේෂඥයෝ ඇතුළු විවිධ අය මේ විවිධ තීරණ නිර්මාණය කරලා. විවිධ භයානක තත්වයන් නිර්මාණය කරලා. දැන් අද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවේ සංචාරය කරන අවස්ථාව තමයි මේ අවස්ථාව. එතකොට ඔයි සිදුවීම අපේ කාලේ වුණා නම් අපි රට විකිණුවා කියයි ඇමරිකාවට. දැන් අද බලන්න ඒ ගැන අපිට බලන්න වෙයි ඒ ගැන දැම්ම මුකුත් කියන්න බැහැ. අපිට බලන්න වෙයි ඇමරිකානු ප්‍රකාශනයෙන් මොනවද කියන්නේ, සිංහල ප්‍රකාශනයෙන් මොනවද කියන්නේ කියලා. 

මේ මොහොතේදී විදේශ ඇමතිවරයා මම දැක්කා සටහන් කරලා තිබුණා පර්යේෂණ අංශ, අධ්‍යාපන අංශ අනෙක් සියළුම අංශ දියුණු කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගන්නවා කියලා තිබුණා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සටහනක. එතකොට එවැනි පසුබිමක් තුළ මම හිතනවා මම හිතනවා ඉතාමත් අවාසනාවන්ත තැනකට රටක් තල්ලු කරලා තිබෙනවා. 
අපේ පක්ෂයේ අවාසනාවන්ත පිරිසක් විසින් පක්ෂයත් විනාශ කරලා රටත් විනාශ කිරීමේ ක්‍රියාවලියට දායකත්වය සපයලා තියෙනවා. ඒ නිසා අපි එය පරාජය කළ යුතුව තිබෙනවා. එය නැවත මහජනායාට ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීම සඳහා පෙළ ගැසිය යුතුව තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පියවර එක්සත් ජාතික පක්ෂය ඉදිරි මාස කිහිපය තුළ තවත් මහජනයාට අවබෝධ කරගැනීමට අවස්ථාව ලබා දෙමින් අදාල කර්තව්‍ය ඉටු කරන බව මේ වෙලාවේ ප්‍රකාශ කරනවා.

ඇමතිතුමා දැන් මේ රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම ඔබතුමා පක්ෂයක් හැටියට කොහොමද දකින්නේ?
මං හිතන්නේ පක්ෂයක් හැටියට අපි දරණ මතය පහුගිය කාලේ අපි විටින් විට ඉදිරිපත් කළාම, එය විවේචනය කරපු පිරිස මත එය කඩාගෙන වැටිලා තියෙනවා. ඇත්තවශයෙන් අපි ලෝකෙත් එක්ක වැඩ කරන දේශපාලන පක්ෂයක්. අපි ලෝකෙ රටවල් නම් කරලා, ගොණු කරලා, වෙන් කරලා වැඩ කරන දේශපාලන පක්ෂයක් නෙමෙයි. අපි ලෝකේ ඕනෑම රාජ්‍යයක් සමග වැඩ කරන්න බිය නොමැති දේශපාලන පක්ෂයක්. එතකොට ප්‍රධාන වශයෙන් අපි කල්පනාවෙන් ක්‍රියාකළ යුතුව තිබෙනවා. 
අපි බලමු දැනට මොනවද ඇමරිකානු රාජ්‍ය යාන්ත්‍රණය මොනවද කියන්නේ මෙයාලට, මෙයාලා මොනවද ඒගොල්ලන්ට කියන්නේ. අපි බලමු රට දිහා කොහොමද ක්‍රියාකරන්නේ කියලා. බොරු ප්‍රකාශ කළාම මේ වගේ දරුණු තත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. ඒක හරියට 20 වෙනි සංශෝධනය සම්මත වුණාම මම විටින් විට කිහිප වතාක්ම ප්‍රකාශ කළා 19 වෙනි සංශෝධනය හරහා බරපතලම අසාධාරණය සිද්ධ වුණේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන පළිගැනීම් වලට ලක් වූ අයට, එක්සත් ජාතික පක්ෂයේ ගම් මට්ටමේ හිටපු අයටයි පාඩුව සිද්ධ වුණේ. 
එතකොට අපි එවැනි පාඩුවක් ලබාගෙන ඇයි 19 වන සංශෝධනය සම්මත කළේ. අපි සම්මත කළේ 1970 ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපනය කළාම 1988 න් පස්සේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා වුණාට පස්සේ සමාජ මතයක් ගොණු වුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතුයි කියලා. එතකොට ඒ අහෝසි කළ යුතුයි කියල මතය දිනෙන් දින සංවර්ධනය වෙමින් ඇවිල්ලා ඒ වේගවත් සංවර්ධනයේ ප්‍රතිපලයක් හැටියට සමස්ථ ජනතාව ඒ සඳහා පෙළඹෙනවා. 

ඒ සඳහා පළවෙනි පියවර හැටියට චන්ද්‍රිකා කුමාරතුංඟ මැතිණිය විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා ඒ සඳහා තරඟ කළා. ඒ සඳහා ජනතා විමක්ති පෙරමුණේ නායකයා ඉල්ලා අස් වුණා. ඊට පසුව එතුමිය අවුරුදු 12ක් පාලනය කළා. මහින්ද රාජපක්ෂ මැතිතතුමත් අවුරුදු 9ක් පාලනය කළා. 

එතකොට එවැනි සමාජ මතයක් ආවම අපි ඒ මතයට ගරු කරමින් 19 වන සංශෝධනය හරහා ජන මත විචාරණයකින් වෙනස් කළ නොහැකි කරුණු කාරණා හැර අනෙක් සියළු කාරණා වෙනස් කරලා විධායක ජනාධිපති ධූරයේ බලතල පාර්ලිමේන්තුවටත් වෙනත් ආයතන වලටත් පවරා දීම සිදු කළා. දැන් එවැනි පවරා දීමක් සිදු කරපු එක්සත් ජාතික පක්ෂයට මෑතක ඒ සඳහා බෝගස් යට කැගහපු පිරිස කියනවා විධායක ජනාධිපති ධූරය අවශ්‍යයි කියලා. එහෙනම් ඒක එක්සත් ජාතික පක්ෂය ලබන අති විශිෂ්ඨ ජයග්‍රහණයක්. ඇයි එක්සත් ජාතික පක්ෂය අවුරුදු 40කට උඩදී හිතපු විදිය හරියි කියලා දේශපාලඥයෝ ප්‍රකාශ කරනවා. දේශපාලඥයෝ ඒක හොඳයි කියනවා. 

ඒ නිසා අපි මේ ගැන විවෘත විවාදයකින් පරිස්සමින් ක්‍රියා කළ යුතුව තිබෙනවා. 19 වන සංශෝධනය නිසා බරපතලම හානි සිදුවුණ පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. 20 වෙනි සංශෝධනය හරහා මං හිතනවා ඉතා කල්පනාවෙන් ක්‍රියා කළ යුතුවා තිබෙනවා. මොන සංශෝධනයක් ගෙනාවත් කිසිම සංශෝධනයකට බය වෙන්න ඕන නැහැ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අපේ සුප්‍රීම් ජනාධිපතිවත්, සුප්‍රීම් අධිකරණයවත්, ව්‍යවස්ථාදායකවත්, පාර්ලිමේන්තුවවත් නෙම්. 

අපේ ආණ්ඩුක්‍රමයේ සඳහන් වෙන්නේ මහජන පරමාධිපත්‍ය තුළ පිහිටා ඇත්තේය. මහජනයා සුප්‍රීම්, ලොව සුප්‍රීම් මහජනයා ඉන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන රටක මොන සංශෝධනයක් ගෙනාවත් ඒ සඳහා බයවෙන්න හොඳ නැහැ. අවශ්‍ය වෙලාවට සංශෝධනයක් අවශ්‍ය නම් එය කිරීම සඳහා අවශ්‍ය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සතුව පවතින නිසා. 
ඒ නිසා මං හිතනවා මේ කාරණාව ගැන එක්සත් ජාතික පක්ෂය ඉතාම විශිෂ්ඨ ජයග්‍රහණයක් මේ 20 වෙනි සංශෝධනය හරහා ලැබුවා කියලා. ඇයි? එක්සත් ජාතික පක්ෂය හරියි කියලා ලෝකෙටම ප්‍රකාශ කරලා විරුද්ධ වෙච්ච දේශපාලන පක්ෂ, කණ්ඩායම්, පුද්ගලයෝ. ඉතින් ඒ අයට බෝහෝම ස්තූතියි.

මම කියන්නේ ඇත්තවශයෙන් අපි එදා එය සම්මත කළේ මහජනතාවගේ හඬට ඇහුම්කන් දිලා. ඒ අනුව තමයි ලක්ෂ 62 ක මහජන ජනවරමක් ලැබෙන්නේ. එතකොට එය ඉෂ්ඨ කළාම ආපහු එය අහෝසි කළ යුතුයි කියන කණ්ඩායම කියනවා නම් එය තිබිය යුතුයි කියලා, එතකොට ඒක එක්සත් ජාතික පක්ෂයේ විශිෂ්ඨ ජයග්‍රහණයක්. 
මට මතකයි අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය 2000 දී විතර වගේ, මං හිතන්නේ 1999 අග භාගයේදී වගේ අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් වෙන වෙනම ඇහුවා මේ විධායක ජනාධිපති ධූරය තිබිය යුතුද නැද්ද? කියලා. එතකොට බහුතරය කිව්වා අහෝසි කළ යුතුයි කියලා. දෙන්නෙක් කිව්වා තිබිය යුතුයි කියලා. එක්කෙනෙක් මම, එක්කෙනෙක් විජමුව ලොකුබණ්ඩාර මහත්තයා. එතකොට අපි දෙන්නා කිව්වා විධායක ජනාධිපති ධූරය තිබිය යුතුයි කියලා. බහුතරය කිව්වා අහෝසි කිරීමට සහයෝගය ලබා දෙනවා කියලා. ඉතින් ඒ අනුව තමයි එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කරලා තිබෙන්නේ. දැන් ඇතිවෙලා තියෙන තත්වයත් එක්ක මං හිතනවා අපි ඒ තත්වය සමග ඉදිරියේදී ක්‍රියා කළ යුතුව තියෙනවා.
එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගිය කණ්ඩායම සමගි ජනබලවේගය 20 ට සහයෝගය දෙන්නෑ කියන මතයේ තමයි හිටියේ. නමුත් කිහිප දෙනෙක් සහයෝගය ලබා දි තිබුණා.

කිහිපදෙනෙක් විතරක් නෙමේ ඒ සම්මත කිරීම සිදු වුණේ ඒ ඔක්කොගෙම ක්‍රියාවලිය නිසා. නැත්තම් සම්මත වෙන්නේ නෑ.
දැන් මේ පොංපියෝ මහතා ආපු එකට කියනවා එක්සත් ජාතික පක්ෂයට බැරි වුණ එම්.සි.සී.ගිවිසුම අත්සන් කරන්නට මේ ආවේ කියන මතය තියෙනවා.

මං හිතනවා අපි කලබල වියයුතු නැහැ. අපි එක්සත් ජාතික පක්ෂය කියන්නේ ලෝකයත් සමග වැඩ කරන දේශපාලන පක්ෂයක්. ඒ නිසා කවුරු ආවත් කවුරු නාවත් ඇත්තවහයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් ලබා ගන්නා යම් ආධාර උපකාර හැමදාම ලබාගෙන තිබෙනවා. සෑම ආණ්ඩුවක්මත් ලබා ගෙන තියෙනවා. අනෙක් රටවල ආධාරත් එක්සත් ජාතික පක්ෂ පාලන යන්ත්‍රය තුළ අපි ලබාගෙන තියෙනවා. වෙනස්කම් තියෙනවා ඒ ආධාර කණ්ඩායම් වල. 

උදාහරණයක් විදියට ගත්තොත් ඇමරිකාවෙන් ගන්න මුදල් වලදී ඇමරිකාවෙන් කම්කරුවන් එන්නෙ නෑ වැඩට. හැබැයි ඇතැම් රටවල් වලින් නම් යම් යම් අවස්ථාවල කම්කරුවන්, සේවකයන් එන අවස්ථා තියෙනවා. ඉතින් මේවායේ විවිධ අර්ථකතන තියෙන්න පුළුවන්. සමහරවෙලාවට එක රටකින් දෙන ආධාරවලදී ඒ රටවල මානවසම්පත රටට ළඟාවෙනවා. තව රටකින් දෙන සම්පත් වලදී මානව සම්පත ලංකාවට එන්නේ නෑ. ශ්‍රී ලාංකික ජනතාවට අවස්ථාව තියෙනවා සේවය කරන්න. 
දැන් ඒකට උදාහරණයක් විදියට රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය හදනකොට එංගලන්තයෙන් සුද්දො කම්කරුවන් හැටියට ආවේ නෑ. වික්ටෝරියා එකට ආවා. රන්දෙනිගල හදනකොට ජර්මන් ආධාර යටතේ ඒත් කම්කරුවෝ ආවේ නෑ. 

අපේ පුරවැසියන් සේවය කළා. ඒ නිසා විවිධ අර්ථකතනයන් තියෙනවා. අපි වඩාත් හොඳ දේ තෝරාගෙන අපිට අදාල රාජකාරිය කරලා, රටක පාලන යන්ත්‍රය රටට ප්‍රකාශ කළ යුතුව තියෙනවා. කුමක්ද ඔවුන්ගේ ඉලක්ක, කුමක්ද පැමිණි ලේඛම්වරයා කරන්නේ කියලා. මේ දෙක සන්සනධනය කළාම එක්සත් ජාතික පක්ෂය හරිද වැරදිද කියලා මහජනයාට අවබෝධ කරගන්න පුළුවන්.

දැන් ඔබතුමා කියන්නේ චිනයට වඩා ඇමරිකාව හොඳයි වගේ කියලද? 

නෑ මම හොඳයි කියන එකවත් නරකයි කියන එක නෙමේ කියන්නේ. මම උදාහරණ හැටියට දුන්නේ විවිධ ආධාරවලදී රටට ලැබෙන වඩාත් වාසි සහ අවාසි. දැන් අපට ආධාරයක් ලැබෙනකොට ඒ ආධාරය පමණක් ලැබුණොත් ඒ ආධාරයෙන් මානව සම්මත හැටියට ලංකාවේ ජනතාව පාවිච්චි කළොත් ඒක අපේ ජනතාවට වාසියක් සිද්ධ වෙනවා. එතකොට ඒ ව්‍යාපෘතියේ වාසිය අපිට ලැබෙනවා. විවිධ ආකාරයට සමබරව ලෝකය සමග වැඩ කළ යුතුව තියෙනවා.

ඔබතුමා කියන විදියට යම් ආකාරයකින් මේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කරත් ඒකත් අර සමහරවෙලාවට විධායක ජනාධිපති ධූරය ගැන කියනවා වගේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් වගේ කියලා හිතනවද?

ඇත්තවශයෙන් දැනට මට මේ ගැන මුකුත් ප්‍රකාශ කරන්න බැහැ. ඒ සඳහා ඒ අය දෙන ක්‍රියාදාමය අපි බලමු. වෙන කථාවෙන් වෙන වැඩ පිළිවෙළින් අපි බලමු.  අල්ලපු රට මාලදිවයින දියුණු වුණ හැටි බලන්න තියෙනවා. ජපානය දියුණු වුණ හැටි බලන්න තියෙනවා. ශ්‍රී ලංකාවට දියුණු වෙන්න බැරි ඇයි කියලා බලන්න තියෙනවා. ඉතින් ඒ ගැන කල්පනාවෙන් අපේ ජනතාව ක්‍රියා කළයුතුව තිබෙනවා.

ඔබතුමා ඒ කියන්නේ එම්.සී.සී. ගිවිසුම අත්සන් කළාට කමක් නෑ වගේ කියලද?

නෑ මට ඒ ගැන මුකුත් කියන්න බෑ. මං දන්නේ නැනේ ඒක ගැන. ඒ ගිවිසුම ගැන අධ්‍යනයකින් පස්සේ මං කියලා යන්න එන්නම්.