Friday, May 3, 2024

General line - 0115112241

වසංගතය දුරු වීමට ප්‍රාර්ථනා කරමින් පිරිත් දේශනාවක්




පවතින කොවිඞ් වසංගත තත්ත්වය දුරුවේවායි ප‍්‍රාර්ථනා කරමින් අද සිට දින 21 ක් පුරා කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී පිරිත් සූත‍්‍ර දේශනාවක් සිදු කෙරෙනවා. 

එහි කටයුතු ආරම්භ වන්නේ අද පස්වරු 06 සිටයි. පිරිත් සූත‍්‍ර දේශනාව සිදුකරන්නේ ශ‍්‍රී කළ්‍යාණි යෝගාශ‍්‍රමවාසී මහ සඝරුවනේ වැඩමවීමෙන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන්, ආරක්ෂක අමාත්‍යංශය එය මෙහෙයවනු ලබනවා. 

අද පස්වරු 06 සිට ආරම්භ වන මෙම පිරිත් සූත‍්‍ර දේශනාව දින 21 ක පුරා නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ ද රාතී‍්‍ර 10 යි 30 සිට අලූයම 05 දක්වා ප‍්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ සඳහා බැතිබර දායකත්වය LOLC සමූහ ව්‍යාපාරයයි. නෙත් එෆ් එම් රේඩියෝව නිල රේඩියෝ දායකත්වය ලබාදෙනවා.