Saturday, May 4, 2024

General line - 0115112241

PCR පරීක්ෂණ කට්ටල ගෙන්වීම පිටුපසත් ජාවාරමක්




නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කෙරෙන එම පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ද ගැටළුවක් පවතින බව වාර්තා වනවා. ඒ, මෙරටට ගෙන්වන ඡුක්‍ඍ කට්ටල වල මිල අධිකවීම හේතුවෙන්. 

මේවනවිට ශ‍්‍රී ලංකාව තුළ සිදුකරන ඡුක්‍ඍ පරීක්ෂණ සඳහා අවශ්‍ය කට්ටල ගෙන්වන්නේ ජර්මනියෙන්. ඒ, පෞද්ගලික සමාගමක් හරහායි. එම එක් කට්ටලයක් මෙරටට ගෙන්වීමට වැයවන මුදල රුපියල් 6,000 ක්. කෙසේවෙතත්, මීට වඩා අඩු මුදලකට ගතහැකි PCR පරීක්ෂණ කට්ටල ලොව වෙනත් රටවල භාවිතයට ගන්නා බවයි අනාවරණ වී ඇත්තේ. 

එහි එක් කට්ටලයක වටිනාකම රුපියල් 1,500 ත් 2,000 ත් අතර වනවා. ඒවා බොහෝමයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය හිමිවී ඇති පරීක්ෂණ කට්ටලටයි. කෙසේවෙතත්, ඊට වඩා වැඩි මුදලකට දිගින් දිගටම PCR පරීක්ෂණ කට්ටල ජර්මනියෙන්ම ගෙන්වීමට ඇතැම් බලධාරීන් කටයුතු කරන්නේ මන්දැයි සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ මේවනවිට කථාබහක් මතුව තිබෙනවා. 

වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ සහ ජාතික වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ ඇතැම් නිලධාරීන්ගේ දැඩි ඉල්ලීමට සහ අවශ්‍යතාවට මෙලෙස වැඩි මුදලකට PCR පරීක්ෂණ කට්ටල ජර්මනියෙන් ගෙන්වන බවටයි වාර්තා වන්නේ. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පවසන්නේ මෙවැනි ගනුදෙනු සමාගම්වල මැදිහත්වීමකින් තොරව රාජ්‍යයන් 02 ක් අතර සිදුකළ යුතු බවයි. මේවනවිට කථාබහට ලක්ව ඇති රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ද මීටවඩා අඩු මුදලකට ලබාගත හැකි බවටත්, ඒවායේ ප‍්‍රතිඵල ද ඡුක්‍ඍ පරීක්ෂණයක ප‍්‍රතිපල ලැබීමට ගතවන කාලයට වඩා අඩු කාලයකදී ලබාගත හැකි බවටත් සෞඛ්‍ය බලධාරීන් පවසනවා. 

මේ අතර මෙරටට ගෙන්වන ලද රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රෝහල් තුළ භාවිතා කිරීමට අවසර ලබාදෙමින්, මාර්ගෝපදේශ ඇතුළත් චක‍්‍රලේඛයක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශික්ෂණ රෝහල්, පළාත් රෝහල් සහ දිස්ති‍්‍රක් රෝහල් ඇතුළු කොරෝනා පරීක්ෂණ සිදුකරන රජයේ සෞඛ්‍ය ආයතනවලදී රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට අවසර හිමිවනු ඇති.