Sunday, May 19, 2024

General line - 0115112241

කොරෝනාවට තවත් උත්තරයක් - ඔක්ස්ෆර්ඞ් එන්නත සියයට 70 ක් සාර්ථක වෙයි




ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය මගින් ද නව කොරෝනා එන්නතක් හඳුන්වා දී තිබෙනවාග නව්‍ය කොරෝනා වෛරසයට එරෙහි කි‍්‍රයාකාරීත්වයේදී එහි සාර්ථකත්වය සියයට 70 ක් පමණ වන බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

 කෙසේවෙතත්ල ෆයසිර් සහ මොඬේනා යන සමාගම් ද්විත්ව විසින් මීට පෙර නිෂ්පාදනය කළ කොවිඞ් එන්නත් සියයට 95 ක තරම් ඉහළ සාර්ථකත්වයකින් යුක්ත වනවාග එම සමාගම් ද්විත්වය තරම් සාර්ථකත්වය ඉහළ මට්ටමකින් පෙන්නුම් නොකළත්, ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය මගින් නිපදවූ කොරෝනා එන්නත වඩා පහසු මිලකට මිලදී ගත හැකි බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

 එසේම පහසුවෙන් ගබඩා කර තබා ගැනීමේ හැකියාව මෙන්ම ලොව  ඕනෑම රටකට පහසුවෙන් බෙදාහැරීමට හැකිවීම ද ඔක්ස්ෆ්ර්ඞ් විශ්ව විද්‍යාලය මගින් නිපදවූ කොරෝන එන්නත මගින් හිමිවන පහසුකම් අතරට අයත්.

 ඒ අනුව ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය මගින් නිපදවූ කොරෝනා එන්නත භාවිතය සඳහා අනුමැතිය හිමිවුවහොත්ල කොවිඞ් වසංගතය මැඩපැවැත්වීම සඳහා එමගින් සැලකිය යුතු කාර්යය භාර්යයක් ඉටුවනු ඇතැයි අපේක්ෂිතයි.
එම එන්නත් මාත‍්‍රා මිලියන 100 ක් බි‍්‍රතාන්‍ය රජය මගින් මේවනවිටත් ඇනවුම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේග