Sunday, May 19, 2024

General line - 0115112241

අමෙරිකානු නව ජනපති කැබිනට්ටුව තෝරයි




අමෙරිකාවේ නව ජනපති ලෙස පත්ව සිටින ජෝ බයිඞ්න් මේ දිනවල සිය කැබිනට් මණ්ඩලය පත්කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ, ජනවාරි 20 වනදා වනවිට ජෝ බයිඞ්න් හට රාජ්‍ය බලතල පැවරීමේ කි‍්‍රයාවලිය ආරම්භ කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විරුද්ධත්වය පළ කර නොමැති පසුබිමක් තුළයි.

ඒ අනුව ඔබාමා පාලන කාලය තුළ අමෙරිකානු දේශපාලන කරළියේ සිටි ප‍්‍රබලයින් කිහිපදෙනෙකුටම තනතුරු පිරිනැමීමටයි බයිඞ්න් තීරණය කර ඇත්තේ. ජෝ බයිඞ්න් මේවනවිටත් සිය නව රජයේ, රාජ්‍ය ලේකම්වරයා හා භාණ්ඩාරගාර ලේකම්වරයා නම් කර ඇති බව ද පැවසෙනවා. 

මේ අතර තමන් අමෙරිකාවේ උප ජනාධිපති ධූරය දරන සමයේ එරට රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ජෝන් කෙරී, සිය නව රජයේ දේශගුණ නියෝජිතයා ලෙස පත් කිරීම කෙරෙහි ජෝ බයිඞ්න්ගේ අවදානය යොමුව ඇතැයි විදෙස් වාර්තා පැවසුවා. පැරිස් දේශගුණ ගිවිසුම සඳහා අමෙරිකාව නියෝජනය කරමින් අත්සන් තබා ඇත්තේ ද, ජෝන් කෙරී.

ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ නියෝගය අනුව අමෙරිකාව ඉකුත් දා පැරිස් දේශගුණ ගිවිසුමෙන් ඉවත් වුවත්, නව රජය යටතේ යළිත් එම ගිවිසුම සඳහා අත්සන් තැබීමට ජෝ බයිඞ්න්ගේ අවධානය යොමුව ඇති බව ද විදෙස් වාර්තාවන්හි සඳහන්.