Friday, May 3, 2024

General line - 0115112241

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නව අමාත්‍යාංශයක දිවුරුම් දෙයි 




ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් -19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දිවුරුම් දී තිබෙනවා.

නව රාජ්‍ය අමාත්‍යවරිය අද (30) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ සිය ධූරයේ දිවුරුම් දුන්නා. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු නව රාජ්‍ය අමාත්‍ය පදවියකි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළම ප්‍රමිතියට ප්‍රවර්ධනය කොට පවත්වාගෙන යාම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණකි. ජනතාව සඳහා, විශේෂයෙන් ග්‍රාමීය ජනතාව සඳහා ඉහළ සෞඛ්‍ය මට්ටමක් සහතික කිරීමට ප්‍රථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් බව ජනාධිපතිතුමා පිළිගෙන තිබේ.

කොවිඩ් 19 රෝග ව්‍යාප්තියත් සමග සියලු වසංගත රෝග ඇතිවීමේ ඉඩ කඩ කල්තබා හඳුනාගෙන ඒවා පාලනය කරනු පිණිස ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව එතුමා තීරණය කළේ.

 

ඇය මිට පෙර කටයුතු කළේ බන්ධනාගාර ප්‍රතිසංස්කරන හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේයි.