Saturday, May 18, 2024

General line - 0115112241

මහ බැංකු වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමේ තවත් පියවරක් ඉදිරියට




හිටපු මහ බැංකු අධිපති, අර්ජුන මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ සටහනක් නීතිපතිවරයා විසින් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න පැවසුවේ, අදාල ඉල්ලීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජය තවදුරටත් සලකා බලමින් සිටින බවයි. 

හිටපු මහ බැංකු අධිපති, අර්ජුන මහේන්ද්‍රන් ඉකුත් රජය සමයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාවේ එක් සැකකරුවෙක් වනවා.