Saturday, May 18, 2024

General line - 0115112241

නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි 

රංජිත් රාජපක්ෂ - හැටන් 




මස්කෙලිය - නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මොහිණි ඇල්ල අසල ප්‍රදේශයේ දී මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.

පසුගිය දින කිහිපය තුල සහ අද දින උදැසන නල්ලතන්නිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මෙම පස් කන්ද ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු බවත් , කඩා වැටුණු පස් කන්ද නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ නිලධාරින් විසින් ඉවත් කිරිමට කටයුතු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග තවදුරටත් එම ස්ථානයේ පස් කදු කඩා වැටිමේ අවධානමක්ද පවතින බවයි නල්ලතන්නිය පොලිසිය කියා සිටියේ.