Saturday, May 18, 2024

General line - 0115112241

සුරාබදු නීතියේ ගැටලු නිසා බිලියන ගණන් බදු වංචා සිදුවනවා - බුද්ධික පතිරණ




බිලියන ගණන් බදු වංචා කිරීමට අවස්ථාව ලබාදෙන සුරාබදු නීතියේ පවතින ගැටලූ‍ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රි බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

බදු වංචා කිරීමේ අරමුණින් ලීටර දහස් ගණනක් කෘතීම රා නිෂ්පාදනය, චේතනාන්විතව සිදුකරන බවත්, ඒ  සඳහා කාර්මික අපරාධ වාර්තාවක් ඉදිරිපත් කිරීම සහ සමථ ගාස්තුවක් අයකිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවයි මන්ත‍්‍රීවරයා සදහන් කළේ.

මෙමගින් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 80ක බදු ප‍්‍රමාණයක් අහිමි වනවා.

එවැනිි වංචා මැඩලීමට යල් පැනගිය සුරාබදු පනතේ අංක 48, 50, සහ 52 වැනි වගන්ති සංශෝධනය කර, පොලිසියට සහ පොලිස් විශේෂ කාර්යය බලකායට බලය ලබාදෙන ලෙසයි බුද්ධික පතිරණ මන්ත‍්‍රීවරයා, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ‍්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකගෙන් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ.
 

මේ, ඊට ප‍්‍රතිචාර දැක්වූ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ‍්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර.