Saturday, May 18, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව සමතුන්ට නව පාසැල් සඳහා අයදුම් කිරීම දෙසැම්බර් 10 වෙනිදා දක්වා 




2020 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට  2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළ ව අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

සියලු අයදුම්පත් සහ උපදෙස් පත්‍රිකා අදාළ පාසලේ විදුහල්පති මගින් ලබාගැනීමට දෙමව්පියන්ට අවස්ථාව සලසා ඇති අතර මෙම මස 10 වෙනි දිනට ප්‍රථම නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්,  දරුවන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත භාරදිය යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා ඇති සියලු ප්‍රදේශවල දරුවන්ගේ අයදුම්පත් පාසල් වෙත ගෙන්වාගැනීමට නිර්දේශිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස මේ වනවිටත් අදාළ කලාප අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ.