Saturday, May 18, 2024

General line - 0115112241

කොළඹ ජන ඝණත්වය නිසා කොරෝන පාලනයටත් ගැටළු




කොරෝනා දෙවන පොකුරේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වෙමින් ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ මහ නගර සභා බල ප‍්‍රදේශය ඒ අතරින් ප‍්‍රධානයි. ඉකුත් ඔක්තොම්බර් 04වනදා දෙවන රැල්ල ආරම්භ වූ දා සිට මේ දක්වා කොළඹ දිස්ති‍්‍රක්කයෙන් පමණක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත සංඛ්‍යාව 10,884ක්.

කොරෝනා පලමු රැල්ලේදි කොළඹ මහ නගර සභා බලප‍්‍රදේශයෙන් වාර්තා වුයේ ආසාදිතයින් 160කට ආසන්න පිරිසක් පමණයිග එහෙත් දෙවැනි රැල්ලේ මේ දක්වා කොළඹ මහ නගර සභා බලප‍්‍රදේශයෙන් පමණක් වාර්තාවන ආසාදිත සංඛ්‍යාව 8ල000කට අධිකයි.

ගතවූ පැය 24 තුළද ආසාදිතයින් 521 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 342කු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන්. ඉන් 82 ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයෙන්, 73ක් වැලිකඩින්, 59 දෙමටගොඩින්, 38ක් මාරදානෙන් සහ 31 දෙනෙකු මට්ටක්කුලියෙන් වාර්තාවනවා.

සෞඛ්‍ය අංශ පවසන්නේ කොළඹ මහ නගර සභා සීමා බලප‍්‍රදේශයේ පවතින අධික ජන ඝනත්වය රෝග පාලනයේදී ගැටළුවක් වී ඇති බවයි. කොළඹ මහ නගර සභා බලප‍්‍රදේශයේ ජීවත්වන සංඛ්‍යාව ලක්ෂ 07කට ආසන්න වනවා. ඒ අනුව එහි ජන ගණත්වය දැක්වෙන්නේ වර්ග කිලෝ මීටරයට පුද්ගලයින් 1,000කට ආසන්නයි. මේ වන විට මෙරටින් කොරෝනා මරණ 130ක් වාර්තා වන අතර ඉන් 70කට ආසන්න සංඛ්‍යාවක්ම වාර්තා වන්නේ කොළඹ මහ නගර සභා බලප‍්‍රදේශයෙන්.
 
නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ හුදෙකලා කර ඇතත් බොහෝ ප‍්‍රදේශවල ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින තත්ත්වයක්ද දැක ගත හැකි බවයි. ගතවූ පැය 24 වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ තත්ත්වය පිළිබඳ සොයා බැලූවා නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු කසුන් කැළුම් කුමාර.

මේ වන විට හුදෙකලා කර ඇති ප‍්‍රදේශ අතරින් බහුතරයක් අයත් වන්නේද කොළඹ දිස්ති‍්‍රක්කයටයි. ඒ අතරට කොළඹ මහල් නිවාස කිහිපයක්ද අයත් බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවලින් එම තත්ත්වය ඉවත් කර ගැනීමේ වැඩි වගකීමක් එම ජනතාව සතුවද පවතින බවයි.

කොළඹ මහ නගර සභා බල සීමාවට අමතරව අංගොඩ, අත්තිඩිය, බොරලැස්ගමුව, ගොතටුව, මඩපාත, පුවක් පිටිය, රාජගිරිය සහ තලවතුගොඩ යන ප‍්‍රදේශවලින්ද ගතවූ පැය 24දී කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.