Tuesday, May 14, 2024

General line - 0115112241

අඛණ්ඩ වැසි හේතුවෙන් උතුරු පළාතේ පුද්ගලයින් 73,000කට පීඩා




උතුරු පළාතට අඛණ්ඩව පවතින වැසි තත්වය හේතුවෙන් උතුරු පළාතේ පවුල් 22,046කට අයත් පුද්ගලයින් 72,994 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ අවතැන් ජනතාව උතුරු පළාතේ ස්ථාපිත සුභසාධන මධ්‍යස්ථාන 50ක රඳවා තැබීමට පියවර ගෙන ඇති බවයි. 

වර්ෂාවේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ යාපනය දිස්ත‍්‍රික්කයටයි. එහි පවුල් 17,243කට අයත් පුද්ගලයින් 57,513 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. 

යාපනය රෝහල් සංකීර්ණය ඇතුළු පහත් බිම්, යාපනය විශ්ව විද්‍යාලයේ රාමනාදන් කාන්තා නේවාසිකාගාරය හා නිවාස රැසක් ද ජලයෙන් යටවි ඇති බවයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේ.