Tuesday, May 14, 2024

General line - 0115112241

අයිස් සහ හෙරොයින් කිලෝ 200ක් තොඩුවාව අත්අඩංගුවට




හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 100ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝගෑම් 100ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත් වී තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ මාරවිල, තොඩුවාව ප‍්‍රදේශයේදීයි. සැකකරුවන් ගමන් කරමින් සිටි රථ වාහන තුනක්ද සිය භාරයට ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේ.

සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ වැඩිදුරටත් පැවසුවේ මෙය සුරාබදු ඉතිහාසයේ සිදු කළ සුවිශේෂි වැටලීමක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේවන විටත් පරීක්ෂණයක් කි‍්‍රයාත්මකයි.